ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරඟ සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් වේ !!

April 27, 2022
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරඟ සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් වේ !!

මැයි මස 15 ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කොට ඇත. මෙම සංචිතයෙන් මීට පෙර රොෂේන් සිල්වා ඉවත් වනු ඇති බවට වාර්තා වූවත් අද ප්‍රකාශ කල සංචිතය සඳහා ඔහුව නම් කොට ඇති අතර නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු සංචිතයට එක් කොට ඇත.

තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 8 දින මෙරටින් පිටත්ව යෑමට නියමිතයි.

තරඟාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය,
දිමුත් කරුණාරත්න
ඕෂධ ප්‍රනාන්දු
ධනංජය දි සිල්වා
ඇන්ජෙලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
කමිල් මිශාර
රොෂේන් සිල්වා
නිරෝෂන් දික්වැල්ල
දිනේශ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ශාන් මධුසංඛ
ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් ඇඹුල්දෙණිය
සුමින්ද ලක්ෂාන්