ශ්‍රී ලංකා- බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකුට අහිමි වේ.

May 11, 2022
ශ්‍රී ලංකා- බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකුට අහිමි වේ.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතව පවති. පළමු තරගය මැයි මස 15 වන දා සිට මැයි මස 19 වන දා දක්වා Chattogramහි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගණයේදී ද දෙවන තරගය මැයි මස 23වන දා සිට මැයි මස 27වන දා දක්වා Dhakaහී Sher-e-Bangla National Cricket ක්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කෙසේ නමුත් මැයි මස 15වන දා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසාන් ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. ඒ ඔහුට කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බැවින් ය. මේ වන විට ස්වයං නිරෝධායන සඳහා යොමු වී ඇති ශකිබ්ට මැයි මස 23වන දා ඇරැඹෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගි වීමට හැකි වේ යැයි අපේක්ෂා කරන බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සඳහන් කර තිබේ.

ශකිබ් වෙනුවට පළමු ටෙස්ට් තරගයට සහභාගි වන්නේ කවුරුන්ද යන්න තවමත් බංග්ලාදේශය ප්‍රකාශ කර නැත.