පාකිස්තාන සංචාරයට එක්වන ශ්‍රි ලංකා කාන්තා සංචිතය නම් කෙරේ !!!

May 12, 2022
පාකිස්තාන සංචාරයට එක්වන ශ්‍රි ලංකා කාන්තා සංචිතය නම් කෙරේ !!!

සීමිත පන්දුවාර තරගාවලි ද්විත්වයක් වෙනුවෙන් ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මැයි මසදී පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. එම තරග සංචාරයට එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුන බැගින් ඇතුළත්ය. එක්දින තරග ත්‍රිත්වය 2022-25 ICC කාන්තා ශූරතා තරගාවලියට ඇතුළත්ය.

තරග සංචාරය සදහා එක්වන ශ්‍රි ලංකා කාන්තා සංචිතය ඊයේ දිනයේදී නම් කෙරිණි. ඊට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් අතර කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමි වී ඇත. එම ක්‍රීඩිකාවන් 15දෙනාට අමතරව මෙම සංචාරයට අතිරේක ක්‍රීඩිකාවන් පස්දෙනෙකුද නම් කොට ඇත.

ශ්‍රි ලංකා සංචිතය
චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, ප්‍රසාදනී වීරක්කොඩි, නිලක්ෂි ද සිල්වා, කවිෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, ඕෂධී රණසිංහ, අනුෂ්කා සංජීවනී

අතිරේක ක්‍රීඩිකාවන්: 
කාව්‍යා කාවින්දි, රශ්මි ද සිල්වා, සත්‍යා සංදීපනී, මල්ෂා ෂෙහානි, තාරිකා සෙව්වන්දි

තරග කාලසටහන
24 May – 1st T20I
26 May – 2nd T20I
28 May – 3rd T20I
1 Jun – 1st ODI
3 Jun – 2nd ODI
5 Jun – 3rd ODI