Clifford කුසලානය හා ලීග් තරගාවලියේ ඉතිරි තරග කල් යයි !!!

May 13, 2022
Clifford කුසලානය හා ලීග් තරගාවලියේ ඉතිරි තරග කල් යයි !!!

ශතවර්ෂයකට වඩා ඉපැරණි ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය සහ අන්තර් සමාජ ලීග් තරගාවලියේ ඉතිරි තරග රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් කල් දැමීමට සිදුව ඇත.

Nippon Paint අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ ඉතිරි තරග මැයි මස 14 වනදා සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කොට තිබූ අතර ප්‍රබල මහනුවර කණ්ඩායම හා CH & FC කණ්ඩායම තුරග තරග පිටියේදී තරග වැදීමට නියමිතව තිබුණි. මෙම තරගයද ඇතුළු ඉතිරි තරග සියල්ලම දින නියමයක් නොමැතිව කල් දැමුණි. තරගාවලියේ අනුග්‍රාහකබවතුන් ඉතිරි තරග කල් දමන ලෙස ශ්‍රි ලංකා රග්බි සම්මේලනයට දැනුම් දී ඇත.

ලීග් තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව මහනුවර කණ්ඩායමද ඇතුළු තරගාවලියේ හොදම කණ්ඩායම් 8 සහභාගී වන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රි ලංකාවට පසුගියදා රග්බි තහනමක් පැනවූ අතර ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායමට ආසියානු රග්බි තරග ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත. නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය රග්බි සත් සාමාජික රග්බි සහ ආසියානු ක්‍රීඩා සත් සාමාජික රග්බි තරගාවලි සඳහා කණ්ඩායම් එක් කිරීමට ශ්‍රි ලංකා රග්බි සම්මේලනයට ඉඩ සැලසේ.