චැම්පියන් අභියෝග ශුරතා පාපන්දු තරගාවලිය කල් යයි….

මෙවර චැම්පියන් අභියෝග ශුරතා කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලිය මැයි මස 14වන දා සිට පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ මෙරට ප්‍රබල දෙවන පෙළ පාපන්දු ක්‍රීඩා සමාජ 14ක සහභාගිත්වයෙනි.

කෙසේවෙතත් රට පුරා මේ දිනවල උද්ගත වී ඇති අර්බුදකාරී වතාවරණය සැලකිල්ලට ගනිමින් එම තරගාවලිය නියමිත දින ආරම්භ නොකර කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. එම සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය ඉවත් කළ වහාම පාපන්දු විධායක කමිටුව රැස්කර ඉදිරි තරග සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.

මෙසේ කල් දැමු තරගාවලිය වැඩිකල් නොයවා මැයි මස 20-25 අතර දිනයකදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජස්වර් මහතා තවදුරටත් සඳහන් කළේ ය.

(Visited 55 times, 1 visits today)

You Might Be Interested In

LEAVE YOUR COMMENT

Your email address will not be published.