Sri Lankan Men’s and Women’s Tusker’s loss in the first matches…

July 29, 2022
Sri Lankan Men’s and Women’s Tusker’s loss in the first matches…

The women’s rugby team and the men’s rugby team, which represented Sri Lanka in the rugby event of the Commonwealth Games, had to lose in their first matches.

The Sri Lankan men’s rugby team had to face the strong New Zealand team in their first match. There, the Sri Lankan team was defeated by 63-5 points.

The New Zealand players, who took the lead from the beginning of the game, managed to collect 28 points in the first half. It is also special that Tharinda Rathwatte was able to score a try against the New Zealand team in that half.

In the second half of the game, the New Zealand players were able to collect 35 points. However, the Sri Lankan players could not score in the second half.

The 65 points scored by New Zealand throughout the match consisted of 9 tries and 9 conversions.

Meanwhile, a match was also held between the Sri Lanka women’s rugby team and the strong England rugby team. There, England players managed to win the match easily with 57-00 points.

The English players, who worked from the beginning of the game, managed to collect 33 points in the first half and 24 points in the second half. Their 57 points included 9 tries and 6 conversions. The Sri Lankan players could not score any points as they could not succeed against the strong English players.

රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමූ තරගයේදී පරාජය …

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රග්බි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කාන්තා රග්බි කණ්ඩායමට සහ පිරිමි රග්බි කණ්ඩායමට සිය ප්‍රථම තරගයේදී පරාජය වන්නට සිදු විය.

ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායමට සිය ප්‍රථම තරගයේදී ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමග තරග වැදීමට සිදු විය. එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ලකුණු 63-5ක ජයග්‍රහණයක් නවසීලන්ත කණ්ඩායමට අත්කර දෙමින් ය.

තරගයේ ආරම්භයේ සිට ම පෙරමුණ ගත් නවසීලන්ත ක්‍රීඩකයන් ප්‍රථම අර්ධයේදී ලකුණු 28ක් රැස්කර ගැනීමට සමත් විය. එම අර්ධයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තරින්ද රත්වත්තේට හැකි වීම ද විශේෂත්වයකි.

තරගයේ දෙවන භාගයේදීත් පෙර සේ ම ක්‍රියාත්මක වූ නවසීලන්ත ක්‍රීඩකයන්ට ලකුණු 35ක් රැස්කර ගැනීමට හැකි විය. කෙසේවෙතත් දෙවන අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු රැස්කර ගැනීමට හැකි නොවුණි.

සමස්ත තරගය පුරාවට නවසීලන්තය රැස්කර ගත් ලකුණු 65 උත්සාහක දිනුම් 9කින් සහ ප්‍රවර්තන අවස්ථා 9කින් සමන්විත විය.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සහ ප්‍රබල එංගලන්ත රග්බි කණ්ඩායම අතර ද තරගයක් පැවැත්විණි. එහිදි ලකුණු 57-00ක් වශයෙන් තරගය පහසුවෙන් ජයගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ.

තරගයේ මුල සිට ම ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩිකාවෝ පළමු අර්ධයේදී ලකුණු 33 ක් සහ දෙවන අර්ධයේදී ලකුණු 24ක් රැස්කර ගැනීමට සමත් වූහ. ඔවුන්ගේ ජයග්‍රාහී ලකුණු 57ට උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්තන අවස්ථා 6ක් ඇතුළත් විය. ප්‍රබල එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ සාර්ථක වීමට නොහැකි වු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කිසිදු ලකුණක් ලබා ගත නොහැකි විය.

முதல் போட்டியில் இலங்கை ஆடவர் மற்றும் பெண் ரக்பி அணிகள் தோல்வி…

பொதுநலவாய விளையாட்டுப் போட்டியின் ரக்பி போட்டியில் இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்திய பெண்கள் ரக்பி அணியும், ஆடவர் ரக்பி அணியும் தங்களது முதல் ஆட்டங்களில் தோல்வியைத் தழுவ நேரிட்டது.

இலங்கை ஆடவர் ரக்பி அணி தனது முதல் போட்டியில் பலம் வாய்ந்த நியூசிலாந்து அணியை எதிர்கொள்ள வேண்டியிருந்தது. அங்கு இலங்கை அணி 63-5 என்ற புள்ளிகள் கணக்கில் தோல்வியடைந்தது.

ஆட்டத்தின் ஆரம்பம் முதலே முன்னிலை பெற்ற நியூசிலாந்து வீரர்கள் முதல் பாதியில் 28 புள்ளிகளை சேகரிக்க முடிந்தது. அந்த முதல் பாதியில் நியூசிலாந்து அணிக்கு எதிராக தரிந்த ரத்வத்த ஒரு ட்ரை ஒன்றைப் பெற்றுக்கொடுத்தமையும் விசேட அம்சமாகும்.

போட்டி முழுவதும் நியூசிலாந்து பெற்ற 65 புள்ளிகள் 9 ட்ரைகள் மற்றும் 9 கன்வெர்ஷன்களை உள்ளடக்கியது.

இதேவேளை, இலங்கை மகளிர் ரக்பி அணிக்கும் பலம் வாய்ந்த இங்கிலாந்து ரக்பி அணிக்கும் இடையிலான போட்டியும் இடம்பெற்றது. அங்கு இங்கிலாந்து வீரர்கள் 57-00 என்ற புள்ளிகள் கணக்கில் எளிதில் வெற்றிபெற்றனர்.

ஆட்டத்தின் தொடக்கம் முதலே சிறப்பாக செயல்பட்ட இங்கிலாந்து வீரர்கள் முதல் பாதியில் 33 புள்ளிகளையும், 2வது பாதியில் 24 புள்ளிகளையும் குவித்தனர். அவர்களின் 57 புள்ளிகள் 9 முயற்சிகள் மற்றும் 6 மாற்றங்களை உள்ளடக்கியது. பலம் வாய்ந்த இங்கிலாந்து வீரர்களுக்கு எதிராக வெற்றி பெற முடியாததால் இலங்கை வீரர்களால் புள்ளிகள் எதுவும் பெற முடியவில்லை.