Sri Lanka wins gold in USA!

Sri Lankan high jump champion Ushan Nivanka has won a gold medal at the Lonn Star Conference Outdoor Championship at the American University. In the high jump competition held on the 7th, he won first place in the competition by showing his skill by crossing the height of 2.20 meters.

Competitors Justin Lewis (2.11m) and Takary Hill (2.08m) finished second and third, respectively. Although Seniru Amarasinghe represented Sri Lanka in this competition, he was able to cross the height of 2.00 meters. He finished fifth in the competition.

ඇමෙරිකාවේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්..

මෙරට උස පැනීමේ ශුර උෂාන් තිවංක ‘Lonn Star Conference Outdoor Championship’ නම් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයීය තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ අද (07) පෙරවරුවේ පැවැති උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.20ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් තරගයේ ප්‍රථම ස්ථානයට පත්වෙමින් ය.

මීටර් 2.11ක දක්ෂතාවයක් පෙන්නුම් කළ Justin Lewis සහ මීටර් 2.08 දක්ෂතාවයක් පෙන්නුම් කළ Dakari Hill යන තරගකරුවන්ට පිළිවෙලින් තරගයේ දෙවන හා තෙවන ස්ථාන හිමි වී තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෙනිරු අමරසිංහත් මෙම තරග ඉසව්වට සහභාගි වුවත් ඔහුට පෙන්නුම් කිරීමට හැකි වුයේ මීටර් 2.00 දක්ෂතාවයක් පමණි. ඔහුට තරගයේ පස්වෙනි ස්ථානය හිමි විය.

මීට පෙර ද උෂාන් ඇමෙරිකානු විශ්වවිද්‍යාල තරගාවලි කිහිපයකට ම සහභාගි වී ඉහළ දක්ෂතා පෙන්වීමට සමත් වී ඇත. එමෙන් ම පසුගිය වසරේදී උස පැනීමේ ඉසව්වේ ජාතික හා ආසියානු වාර්තාව බිඳ දැමීමට ද ඔහුට හැකි වී තිබේ. ඒ මීටර් 2.30ක දක්ෂතාවයක් පෙන්නුම් කරමිනි.
උෂාන් ලබා ඇති ජයග්‍රහණයන් හේතුවෙන් ම ඔහු මේ වසරේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට අවතීර්ණ වීමට සුදුසුකම් ලබා ඇත.

அமெரிக்காவில் இலங்கை தங்கம் வென்றது!!

இலங்கையின் உயரம் பாய்தல் சம்பியனான உஷான் திவங்க அமெரிக்கப் பல்கலைக்கழகத்தில் நடைபெற்ற Lonn Star Conference Outdoor Championship போட்டியில் தங்கப் பதக்கத்தை வென்றுள்ளார். கடந்த 07ம் திகதி நடைபெற்ற உயரம் பாய்தல் போட்டியில் 2.20 மீற்றர் உயரத்தை தாண்டி திறமையை வெளிப்படுத்தி போட்டியில் முதலிடத்தைப் பெற்றுள்ளார்.

போட்டியாளர்களான ஜஸ்டின் லூயிஸ் (2.11 மீ) மற்றும் டகாரி ஹில் (2.08 மீ) முறையே இரண்டாவது மற்றும் மூன்றாவது இடத்தைப் பிடித்தனர். இந்த போட்டியில் செனிரு அமரசிங்க இலங்கையை பிரதிநிதித்துவப்படுத்திய போதிலும், அவரால் 2.00 மீற்றர் உயரத்தையே தாண்ட முடிந்தது. போட்டியில் ஐந்தாவது இடத்தைப் பிடித்தார்.

(Visited 171 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin