ආසියානු ක්‍රීඩා උළෙලට වසරක විරාමයක් !!
19වන ආසියානු ක්‍රීඩා උළෙල මේ වසරේ සැප්තැම්බර් 10වන දින සිට සැප්තැම්බර් 25වන දින දක්වා චීනයේ හැන්ජෝහි ස්ථාන 56කදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
කෙසේවෙතත් මෙම ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීමට ක්‍රීඩා උළෙලේ සංවිධායක මණ්ඩලය වන ආසියානු ඔලිම්පික් කවුන්සිලය තීරණය කොට තිබේ.ඒ මේ වන විට චීනය තුළ යළිත් කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම හා ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව තිබු හැන්ජෝ නගරය කොවිඩ් නිසා මේ වන විටත් ලොක් ඩවුන් කර ඇති ෂැංහයි නගරය සමීපයේ පිහිටා තිබීමත් යන කරුණු හේතුවෙන් ය.
කල් දැමු ක්‍රීඩා උළෙල ලබන වසරේදී පැවැත්වීමට නියමිත දින වකවානු පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බවත්, එම දිනයන් පිළිබඳ තරගාවලියට අදාළ නිල වෙබ් අඩවිය ඔස්සේ දැනුම් දීමට පියවර ගන්නා බවත් ආසියානු ඔලිම්පික් කවුන්සිලය දන්වා ඇත.
මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබු ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් විසිඑක්දෙනෙකු (21) සහභාගි වීමට නියමිතව තිබුණි.