Sri Lanka loses $ 5 million if it misses the chance to host the Asian Cup!

The Asian Cricket Council (ACC) recently announced that Sri Lanka will host the 2022 Asian Cup Twenty20 Cricket Tournament.

However, due to the political instability in Sri Lanka, there is a high risk that Sri Lanka will miss the opportunity to host the Asia Cup cricket tournament scheduled to be held from August 27 to September 11, 2022 It is reported that if Sri Lanka loses the opportunity to host, the country will lose more than five (05) million dollars.

Despite the official announcement that Sri Lanka will host the Asian Cup, the Asian Cricket Council (ACC) has announced that it will reconsider its ability to host the Asian Cup amid political instability in Sri Lanka. Board Chairman Jay Shah has said that he will hold further discussions with Sri Lankan cricket officials after the conclusion of the IPL cricket matches.

If Sri Lanka misses the opportunity to host the Asian Cup four (04) years later, it could lead to intensification of economic instability in the country.

ආසියානු කුසලාන සත්කාරකත්වය අහිමි වුණොත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5 ඉක්මවූ පාඩුවක් !!!

2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වන බව පසුගිය දිනක ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කරන ලදී.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරත්වය නිසා 2022 අගෝස්තු මස 27 වන දා සිට සැප්තැම්බර් මස 11වන දා දක්වා පැවැත්වීමට නියමිත එම ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාමට වැඩි අවදානමක් තිබේ. යම්හෙයකින් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වුවහොත් මෙරටට සිදු වන පාඩුව ඩොලර් මිලියන පහකට (05) වැඩි බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ සත්කාරකත්වය ලබා දෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබුණත්,
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබේදැයි නැවත සොයා බලන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කොට තිබේ. එම කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ දිනවලදී පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලිය අවසන් වූ පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග මේ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

වසර හතරකට (04) පසුව ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය අහිමි වුණොත් එය මෙරට ආර්ථික අස්තාවරභාවය තීව්‍ර වීමට හේතුවක් ද විය හැකි බව වාර්තා වේ.

ஆசிய கோப்பையை நடத்தும் வாய்ப்பை இழந்தால் இலங்கைக்கு 5 மில்லியன் டொலர் இழப்பு!

2022 ஆசிய கோப்பை இருபதுக்கு 20 கிரிக்கெட் போட்டியை இலங்கை நடத்தும் என ஆசிய கிரிக்கெட் கவுன்சில் (ஏசிசி) சமீபத்தில் அறிவித்தது.

எவ்வாறாயினும், இலங்கையில் நிலவும் அரசியல் ஸ்திரமின்மை காரணமாக 2022 ஆம் ஆண்டு ஆகஸ்ட் 27 ஆம் திகதி முதல் செப்டெம்பர் மாதம் 11 ஆம் திகதி வரை நடைபெறவிருந்த கிரிக்கட் போட்டியை நடத்தும் வாய்ப்பை இலங்கை இழக்கப்பதற்கான அபாயம் அதிகம். நடத்தும் வாய்ப்பை இலங்கை இழந்தால் நாட்டுக்கு ஐந்து (05) மில்லியன் டொலர்களுக்கு மேல் இழப்பு ஏற்படும் எனத் தெரிவிக்கப்படுகிறது.

ஆசியக் கிண்ணப் போட்டிகளை இலங்கை நடத்தும் என உத்தியோகபூர்வமாக அறிவிக்கப்பட்டுள்ள போதிலும், இலங்கையில் நிலவும் அரசியல் ஸ்திரமின்மைக்கு மத்தியில் ஆசிய கிண்ணத்தை நடத்தும் திறனை மீள்பரிசீலனை செய்யவுள்ளதாக ஆசிய கிரிக்கட் பேரவை அறிவித்துள்ளது. ஐபிஎல் கிரிக்கெட் போட்டிகள் முடிவடைந்த பின்னர் இலங்கை கிரிக்கெட் அதிகாரிகளுடன் மேலதிக கலந்துரையாடல்களை மேற்கொள்ளவுள்ளதாக சபையின் தலைவர் ஜே ஷா தெரிவித்துள்ளார்.

நான்கு (04) வருடங்களின் பின்னர் நடைபெறவுள்ள ஆசிய கிண்ண கிரிக்கட் போட்டியை நடத்தும் வாய்ப்பை இலங்கை இழந்தால் அது நாட்டில் பொருளாதார ஸ்திரமின்மையை தீவிரப்படுத்த காரணமாக அமையலாம் என தெரிவிக்கப்படுகிறது.

(Visited 117 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin