ශ්‍රී ලංකා පිරිමි හොකි පිලට ජයග්‍රහණයක්!!

May 8, 2022
ශ්‍රී ලංකා පිරිමි හොකි පිලට ජයග්‍රහණයක්!!

19වන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකි ඉසව් සඳහා සුදුසුකම් ලබන රටවල් තේරීම සඳහා පැවැත්වෙන තරගාවලිය මැයි මස 05වන දා තායිලන්තයේ බැංකොක්හිදී ආරම්භ විය.

සුදුස්සන් තේරීමේ හොකී තරගාවලියට රටවල් 9ක් සහභාගි වී සිටින අතර එම රටවල් ‘ඒ’ සහ ‘බී’ යන ඛාණ්ඩ දෙක යටතේ මුලික තරග වට සඳහා පෙනි සිටි.

එහි දී ඕමානය, තායිලන්තය, හොංකොං, උස්බෙකිස්ථානය සහ කසකස්ථානය යන රටවල් පහ ‘ඒ’ ඛාණ්ඩයට ද ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව යන රටවල් හතර ‘බී’ ඛාණ්ඩයට ද අයත් වේ.

සුදුස්සන් තේරීමේ තරගාවලිය තුළ වැඩි දක්ෂතා පෙන්වන රටවල් හයක් (06) 19වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරා ගැනීමට ආසියානු හොකී සම්මේලනය තීරණය කොට ඇත.

ඒ අනුව ‘බී’ ඛාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා පිරිමි හොකි පිල සිය ප්‍රථම තරගයේදී සිංගප්පූරු පිලත් සමග තරග වැදී ඇත. තරගයේ මුල් ගෝල දෙක ම සිංගප්පූරු පිල වාර්තා කිරීමට සමත් වූවත් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකි වූයේ ශ්‍රී ලංකා පිලටයි. ඒ සිංගප්පූරු පිල ගෝල 5-2 ක් වශයෙන් පරාජයට පත් කරමිනි.

මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය මැයි මස 10වන දින බංග්ලාදේශයත් සමග ද තෙවන තරගය මැයි මස 12වන දා ඉන්දුනීසියාවත් සමග ද පැවැත් වීමට නියමිතව පවති.