යුපුන් අබේකෝන්ට ඉතාලියේදී රන් පදක්කමක්..

ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූර ඔලිම්පික් ක්‍රීඩක යුපුන් අබේකෝන් යළිත් වරක් ජාත්‍යන්තර ජයග්‍රහණයක් තමා සතු කර ගැනීමට සමත් වී ඇත. ඒ ඉතාලියේ Dei Marmi ක්‍රීඩාංගණයේ පැවැති Nissolino Roma Sprint Festival නම් ඉතාලි ක්‍රීඩා උළෙලකදීය.

එහිදී මීටර 150 ධාවන ඉසව්වට සහභාගි වූ යුපුන් එම ඉසව්ව තත්පර 15.37ක කාලයකින් නිමා කළේ තරගයේ ප්‍රථමයා බවට පත්වෙමින් ය.

මෙසේ ලබා ගත් ජයග්‍රහණය යුපුන් 2022 වර්ෂයේ දී මීටර් 150 ධාවන ඉසව්ව යටතේ ලබා ගත් දෙවන ජයග්‍රහණය වේ. මීට පෙර අප්‍රේල් මාසයේදී ඉතාලියේ ම පැවැති ක්‍රීඩා උළෙලකදී ද ඔහු මීටර් 150 ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් ලබා ගත්තේ ය. ඔහුට එම තරගය අවසන් කිරීමට ගත වූයේ තත්පර 15.16ක කාලයකි.එහිදී ඔහුට නව ආසියානු වාර්තාවක් ද පිහිටු වීමට හැකි විය.

යුපුන් මේ තාක් මීටර් 100 සහ මීටර් 150 ඉසව්වලින් අත්කර ගෙන ඇති ජයග්‍රහණයන් පිළිබඳ සැලකිල්ලට ගෙන ඔහුව 2022 වර්ෂයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ 2023 වර්ෂයේදී පැවැත්වීමට නියමිත 19වෙනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයන්ට ඇතුළත් කිරීමට මෙරට ජාතික මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබේ.

(Visited 357 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin