ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය කණ්ඩායමේ තවත් වෙනස්කම්..

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය සඳහා නම් කළ සත්කාරක ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායමේ තවත් වෙනස්කම් කීපයක් සිදු වී ඇත. රෝහිත් ශර්මා නායකත්වය දරණ ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 18කු එක් කර තිබුණත් ආබාධ තත්වයන් නිසාවෙන් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සංචිතයෙන් ඉවත් කොට ඇත.

ඊයේ (22) ඉන්දීය ක්‍රීඩක දීපක් චහර් ආබාධ තත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් වූ අතර අද උදෑසන සුපිරි ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදවද සංචිතයෙන් ඉවත් වී ඇත.

ඉන්දීය තරඟාවලිය හෙට (24) සිට ආරම්භ වීමට නියමිතයි.

(Visited 77 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin