ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයට නාම යෝජනා භාරදෙයි

August 20, 2023
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයට නාම යෝජනා භාරදෙයි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළැඹෙන සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, එයට නාමයෝජනා කැඳවීම්  අගෝස්තු මස 14දා පස්වරුවේ සිට ක්‍රියාත්මක කිරීමට දී ලංකා පාපන්දු බලධාරීන් කටයුතු කළා.

නිලවරණය පැවැත්වීම උදෙසා නිලවරණ කට්ටුවක් පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේඳුනයේ විශේෂ මහා සභා රැස්වීමක් කොළඹදී පැවැත්වුණා. සාමාජිකයන් තිදෙනකුගෙන් මෙම නිලවරණ කමිටුව සදහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්. ෆිපීඩ්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික ජෙනරාල් උපාලි ගුණසේකර යන මහත්වරුන් ඇතුළත්ය. 

අගෝස්තු 14 වන දින පස්වරුවේ ඇරඹී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම මෙම මස 19 වැනිදා පස්වරු 3.00 දක්වා අවසන් වුණා.
මෙවර පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා පිළිබඳ අභියාචනා භාර ගැනීම සැප්තැම්බර් මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව ඇති අතර, අභියාචනා සළකා බැලීම සැප්තැම්බර් 4 වැනිදා සිදු කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලූන නව සභාපතිවරයා ඇතුළු විධායක කමිටුවට නිලධාරීන් 13 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා වන අවසන් නාම යෝජනා ලැයිස්තුව සැප්තැම්බර් මස 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

එසේම මෙම නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයද විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර ඇති බවද සදහන්ය. එම මාර්ගෝපදේශ මාලාවට අනුකූලව දී ලංකා පාපන්දු සම්මේලනය වෙත පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා නිලවරණය පැවැත්විය යුතුව ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ලබා දී ඇති මාර්ගෝපදේශ මාලාවට අනුකූලව බවද දැක්වේ.
එසේම පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානතම නිලතල දැරූ පාර්ශ්ව ත්‍රිත්වයක් මෙවර නිලාවරණය සදහා ඒකාබද්ධව 

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ හිටපු සභාපතිවරයකු වන ජස්වර් උමාර් සහ අනුරාධපුර පාපන්දු ලීගයේ සභාපති තිලංග දක්ෂිත සුමතිපාල පාපන්දු නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන්නා. මෙවර පාපන්දු සම්මේලනයේ මුල් පුටුව සඳහා ද්වන්ද සටනක් නිර්මාණය වී තිබෙනවා.