යුපුන් අබේකෝන්ගෙන් නව ආසියානු වාර්තාවක් !!!

April 27, 2022
යුපුන් අබේකෝන්ගෙන් නව ආසියානු වාර්තාවක් !!!

මීටර් 150 ධාවන ඉසව්ව තත්පර 15.16කින් නිමා කරමින් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී ඇත. ඒ ඉතාලියේ පැවැති මලල ක්‍රීඩා උළෙලකදී ය. එහිදි යුපුන් බිඳ දැමුවේ 2017 වර්ෂයේදී ජපානයේ යොෂිහිඩ් කිර්යු විසින් තත්පර 15.37කින් තරගය නිමා කරමින් තබා තිබූ වාර්තාවයි.

මෙම ක්‍රීඩා උළෙලේදී මීටර් 80 ඉසව්වටත් සහභාගි වූ යුපුන් එහි දෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත්තේ තත්පර 8.52ක කාලයකින් තරගය අවසන් කරමිනි.