සංගා මහේල ශූරතාවය ජය පරාජයෙන් තොරව නිමාවට !!

තුන්වන වරට පැවත්වූ සංගා මහේල අභියෝගතා පාසල් දෙදින ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විණි. මීට පෙර දෙවතාවක් මෙම තරඟාවලිය පවත්වා ඇති අතර එම අවස්තා දෙකෙහිදීම ජයග්‍රහණ හිමි කරගත්තේ සංගා නියෝජනය කරන ත්‍රිත්ව විද්‍යාලයයි.

තුන්වන සංගා මහේල ශූරතාවය කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී මේ මස 25 ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ නාලන්දා ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ත්‍රිත්වයන් සිය පළමු ඉණිමට ලකුණු 275ක් රැස් කරගත්හ. රනුද සෝමරත්න ලකුණු 91ක්ද රහල් අමරසිංහ ලකුණු 75ක්ද රැස් කරගත්තේය. පන්දු යැවීමෙන් නාලන්දාව වෙනුවෙන් රවීන් දි සිල්වා කඩුලු 5ක් දවාගත්තේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නාලන්දා පළමු ඉණිම ලකුණු 143ට සීමා වූ අතර මනුල කුලරත්න කඩුලු 6ක් දවාගත්තේය. ඉණිමක තරඟ පරාජයෙන් ගැලවීම පිණිස අසීරු ඉලක්කයක් හඹාගිය නාලන්දීයන් දෙවන දිනය නිම වන විට කඩුලු 7ක් දැවී ලකුණු 153ක් රැස් කරගනිමින් තරඟය ජය පරාජයකින් තොරව නිම කරගැනීමට සමත් වූහ.

ත්‍රිත්ව පළමු ඉණිම 275 (80)
රනුද සෝමරත්න 91, රහල් අමරසිංහ 75, රවීන් දි සිල්වා 5/106

නාලන්දා පළමු ඉණිම 143 (39.4)
එරන්ග ජයකොඩි 46, මනුල කුලරත්න 6/68

නාලන්දා දෙවන ඉණිම 153/7 (51)
විනුජ රන්පුල් 67, සුපුන් වඩුගේ 5/46

(Visited 130 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin