භානුකගේ ශාරීරික යෝග්‍යතාව අධීක්ෂණයට මහාචාර්ය අර්ජුන ද සිල්වාත් පෞද්ගලිකවම එක්වෙයි !!!

March 3, 2022
භානුකගේ ශාරීරික යෝග්‍යතාව අධීක්ෂණයට මහාචාර්ය අර්ජුන ද සිල්වාත් පෞද්ගලිකවම එක්වෙයි !!!

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මැදිහත් වී ඇති බවට ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත. 30 හැවිරිදි භානුක රාජපක්ෂට ඉන්දීය තරග සංචාරය Skin Fold පරීක්ෂණ අසමත් වීම නිසාවෙන් අහිමි වූ අතර මේ සම්බන්ධයෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අදහස් දක්වා ඇත.

“මම භානුකගෙ රසිකයෙක්. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකුට තිබිය යුතු ප්‍රමිතියට ඔහුගේ ශාරීරික යෝග්‍යතාව රදවා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම අපි ගන්නවා.”

”ඉදිරි ලෝක කුසලානය වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක් තමයි භානුක. මින් ඉදිරියට ඔහුගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ඔහු නිසැකවම වැඩ කරයි. Skin Fold මට්ටම වැඩිවීම ජානමය ලක්ෂණ නිසා වෙන්න පුලුවන්. නමුත් එක් ක්‍රීඩකයෙක් නිසා එම නීතිය වෙනස් කිරීම අසාධාරණයි.”

”ක්‍රීඩාව තුළ සාර්ථක වීමට ශාරීරික යෝග්‍යතාව අනිවාර්‍ය නෑ. නමුත් අඛණ්ඩව ක්‍රීඩාව තුළ නිරත වීමට ශාරීරික යෝග්‍යතාව වැදගත් වෙනවා. මේදය අඩුවීම ආබාධයන්ට ගොදුරු වීම අවම කරනවා. යනුවෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කොට ඇත.

ඉන්දීය තරග සංචාරයට භානුක එක් කර නොගැනීමට විරුද්ධතාව පළ කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපස පසුගියදා විරෝධතාවක්ද පැවැත්විණි.