ශේන් වෝන්ගේ මරණය ස්වාභාවික මරණයක් බව තහවුරු වෙයි !!!

හිටපු ඕස්ට්‍රේලියානු දගපන්දු යවන ක්‍රීඩක සහනේ වොන් පසුගියදා(4) අභාවප්‍රාප්ත විය. ඒ තායිලන්තයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසක් තුලයි. හර්දයාභාධයක් හේතුවෙන් ඔහු මරණයට පත් වුවද පසුව එම මරණය පිලිබදව සැක මතු විය. ඒ ඔහුගේ නිවස තුලින් ලේ පැල්ලම් හමුවීම හේතුවෙනි.

නමුත් ඊයේ දිනයේදී තායිලන්ත පොලිසිය විසින් සදහන් කොට ඇත්තේ වෝන්ගේ මරණය ස්වභාවික මරණයක් බවයි. තායිලන්ත පොලිසිය විසින් නිකුත්කළ නිවේදනයේ මේ බව සදහන් කොට ඇත.

“විමර්ශකයන්ට අද මරණ පරීක්‍ෂණ වාර්තාව ලැබිලා තියෙනවා. එහිදී අධිකරණ වෛද්‍යවරයා නිගමනය කරල තියෙන්නේ මෙම මරණය ස්වභාවික හේතූන් මත සිදුවූවක් බවයි.” යනුවෙන් තායිලන්ත සහකාර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කොට ඇත.

“මෙය කොවිඩ් නිසා සිදු වුනු මරණයක් නෙවෙයි. ඒ වගේම මේක ඝාතනයකුත් නෙවෙයි.”යනුවෙන් samui රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වා ඇත.

ශේන් වෝන්ගේ කළමනාකරු ජේම්ස් අර්ස්කයින් හෙළි කළේ වෝර්න් සති දෙකකට ආසන්න කාලයක් දියර පමණක් පානය කළ බවත්ය. එසේම වොන් සිය ජිවිත කාලය තුල වැඩි වශයෙන් දුම් පානය කල බවත් මෙය හර්දයභාධයක් යයි තම සිතන බවත් වෝන්ගේ කළමනාකරු සදහන් කොට ඇත.

එමෙන්ම ශේන් වෝන්ගේ පියා සදහන් කොට ඇත්තේ ඔහු පපුවේ වේදනාවකින් පෙළුණු බවත් එය පරික්ෂා කිරීමට මෙම සංචාරයෙන් අනතුරුව නිවසට පැමිණීමට අපේක්ෂා කල බවත්ය.

(Visited 66 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin