නෙදර්ලන්ත තරගාවලියට නවසීලන්ත එක්දින හා විස්සයි විස්ස සංචිත නම් කරයි !!

March 16, 2022
නෙදර්ලන්ත තරගාවලියට නවසීලන්ත එක්දින හා විස්සයි විස්ස සංචිත නම් කරයි !!

නෙදර්ලන්ත තරගාවලියට නවසීලන්ත එක්දින හා විස්සයි විස්ස සංචිත නම් කරයි !!

නෙදර්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරගාවලි සදහා වන නවසීලන්ත සංචිතයන් ප්‍රකාශයට පත් කොට ඇත. නවසීලන්ත මැදපෙළ සුපිරි පිතිකරු රෝස් ටේලර් ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගාවලිය වනුයේ මෙම තරගාවලියයි. නෙදර්ලන්ත තරගාවලිය සදහා නම් කෙරුණු නවසීලන්ත සංචිතයට මිචෙල් බ්‍රේස්වෙල් හා ඩේන් ක්‍ලීවර් කැදවා ඇත. තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් බ්‍රේස්වෙල් එක්දින හා විස්සයි විස්ස සංචිත 2කටම ඇතුළත් කොට ඇති අතර කඩුලු රකින ක්‍රීඩක ඩේන් ක්‍ලීවර් විස්සයි විස්ස සංචිතයට නම්කොට ඇත.

නවසීලන්ත දේශීය විස්සයි විස්ස තරගාවලිය වන සුපර් ස්මෑෂ් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත්වූයේ බ්‍රේස්වෙල් හා ක්ලීවර්ය. ඔවුන් දෙදෙනා තරගාවලියේදී ලකුණු 478ක් හා 369 බැගින් රැස්කළහ. බ්‍රේස්වෙල් පවුල නියෝජනය කරමින් නවසීලන්ත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන සිව්වැන්නා බවටද මිචෙල් බ්‍රේස්වෙල් පත්වනු ඇත.

නෙදර්ලන්ත කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට එක්දින තරග 3ක් හා එක් විස්සයි විස්ස තරගයක් ඇතුළත්ය. නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර් එක්දින තරගාවලියට පමණක් ක්‍රීඩා කරමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට සූදානමින් පසුවෙයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හේතුවෙන් නවසීලන්ත ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මෙම තරගාවලිය මගහැරෙනු ඇත. දෙරට අතර එකම විස්සයි විස්ස තරගය මාර්තු මස 25 වනදා පැවැත්වෙන අතර එක්දින තරගාවලිය මාර්තු මස 29වනදා ආරම්භ වීමට නියමිතය.

එක්දින සංචිතය
Tom Latham (c/wk), Doug Bracewell, Michael Bracewell, Mark Chapman, Colin de Grandhomme, Martin Guptill, Matt Henry, Kyle Jamieson, Henry Nicholls, Ish Sodhi, Ross Taylor, Blair Tickner, Will Young

විස්සයි විස්ස සංචිතය
Tom Latham (c/wk), Doug Bracewell, Michael Bracewell, Mark Chapman, Dane Cleaver (wk), Colin de Grandhomme, Martin Guptill, Matt Henry, Scott Kuggeleijn, Ben Sears, Ish Sodhi, Blair Tickner, Will Young