කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳුදා සිට…

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පවත්වන කාන්තා T20 තරගාවලිය මැයි මස 23වන දා සිට 28වන දා දක්වා පුනේහි MCA ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතව පවති. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ සිව්වන වරටයි.

තරග 4කින් සමන්විත මෙම තරගාවලියට කණ්ඩායම් තුනක් සහභාගි වේ. එම කණ්ඩායම් ත්‍රිත්වය වන්නේ Trailblazer, Supernovas සහ Velocity ය. Trailblazer කණ්ඩායම් නායකත්වය Smriti Mandhana විසින් ද Supernovas කණ්ඩායම් නායකත්වය Harmanpreet Kaur විසින් ද Velocity කණ්ඩායම් නායකත්වය Deepti Sharma විසින් දරණු ලබයි. Velocityහි හිටපු නායිකා Mithali Raj මෙවර තරගාවලියට සහභාගි නොවීම හේතුවෙන් Deepti Sharmaට කණ්ඩායම් නායකත්වය හිමිවී ඇත.

මෙවර T20 කාන්තා තරගාවලියට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් සහ දකුණු අප්‍රිකාව වැනි රටවල්වල විදෙස් ක්‍රීඩිකාවන් 12දෙනෙකු ද සහභාගි වේ. ගියවර තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට මෙවර තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමි වී නොමැත.

මේ වන තුරු පැවැති තරගාවලි තුනෙන් දෙකක ම ශුරතාවය Trailblazer කණ්ඩායම විසින් දිනා ගෙන ඇති අතර ඉතිරි තරගාවලියේ ජයග්‍රහණය හිමිවී ඇත්තේ Supernovas කණ්ඩායමටයි.

ලබන වසරේ පටන් කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් T20 කාන්තා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් තුනේ ක්‍රීඩිකාවන්

Trailblazers
Smriti Mandhana (c), Poonam Yadav (vc), Arundhati Reddy, Hayley Matthews, Jemimah Rodrigues, Priyanka Priyadarshini, Rajeshwari Gayakwad, Renuka Singh, Richa Ghosh, S Meghana, Saiqa Ishaque, Salma Khatun, Sharmin Akhter, Sophia Brown, Sujata Mallik, SB Pokharkar.

Supernovas
Harmanpreet Kaur (c), Taniya Bhatia (VC), Alana King, Ayushi Soni, Chandu V, Deandra Dottin, Harleen Deol, Meghna Singh, Monica Patel, Muskan Malik, Pooja Vastrakar, Priya Punia, Rashi Kanojia, Sophie Ecclestone, Sune Luus, Mansi Joshi

Velocity
Deepti Sharma (c), Sneh Rana (VC), Shafali Verma, Ayabonga Khaka, KP Navgire, Kathryn Cross, Keerthi James, Laura Wolvaardt, Maya Sonawane, Natthakan Chantham, Radha Yadav, Aarti Kedar, Shivali Shinde, Simran Bahadur, Yastika Bhatia, Pranavi Chandra

(Visited 91 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin