ශ්‍රී ලංකා ලංකා පාපන්දු සම්මේලනය නව මුහුණුවරකින්

May 28, 2021
ශ්‍රී ලංකා ලංකා පාපන්දු සම්මේලනය  නව මුහුණුවරකින්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය  නව මුහුණුවරකින් නව ලාංජයයක්  ඇතුළුව “පාපන්දු ශ්‍රී ලංකා” නමින් ලාංකීය  පාපන්දු රසිකයන් හා ක්‍රීඩකයන් වෙත තව දුරටත් සමීප වෙන ලෙසට පාපන්දු සම්මේලනය පවසයි.

මේ මගින් රට පුරා පාපන්දු ක්‍රීඩාව තව දුරටත් ප්‍රවර්ධනය කිරීම මගින්  සංවර්ධනය කිරීමටත් හැකි වන බව ඔවුන් පවයි.

පෙර  පැවති ලාංජනය ලාංකීය ජාතින් නියෝජනය වන ලෙස නිර්මාණය කර තිබුනද මෙවර නිසි අරමුණක්  ඇතිව පාපන්දු ශ්‍රී ලංකා විසින් විප්ලවීය වෙනසක් ඇති කරමින් සිය ලාංජනය සන්නමයට ද වඩාත් සමීප වන ලෙස නිර්මාණය කර ඇත. එය මෙසේය.

අර්ධ වක්‍රය – පාපන්දු ශ්‍රී ලංකාව නැවත එහි කීර්තිමත් දින කරා නැගීම.

රාජකීය නිල් – ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට ඇති පොහොසත්කම.

රන් – ශක්තිය, සහ පාපන්දු ක්‍රීඩාව කෙරෙහි ඇති ශක්තිය සහ ශ්‍රී ලංකාවේ ශක්තිය.

සිංහයා – ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ සටනේදී අපගේ හදවත

සුදු – ශ්‍රී ලංකාවේ සියලුම පාපන්දු ක්‍රීඩකයින්ගේ අඛණ්ඩතාව සහ එහි ක්‍රීඩකයින් සුන්දර ක්‍රීඩාව දෙසට.

රන් රාමුව – පාපන්දු ශ්‍රී ලංකාවේ සහ එහි ක්‍රීඩකයින්ගේ විනය හා ස්වභාවය.

‘පාපන්දු ශ්‍රී ලංකා’ නව නාමයත්

නව ලාංජනයත් සමග නව ගමනකට මුල පුරයි.

ලාංජනය හඳූන්වාදීමේ වීඩියෝව