CR & FC in Clifford Cup final

The first semi-final of this season’s Clifford Cup knockout rugby tournament, the oldest rugby tournament in the Asian region, was held today. The CR & FC team and the Police team competed at the Colombo Racecourse Stadium this afternoon for the first semi-final match of this year’s tournament under the sponsorship of Nippon Paint.

Police Sports Club managed to take the lead in the game with 10 points to 9 points in the first half which was extremely sharp. The Police players scored 10 points by scoring a try, its conversion and one penalty kick in the first half and CR players managed to score 3 penalty kicks in the same half.

By the end of the first 25 minutes of the second half, the Police players scored another 10 points and the CR players could not score any points till then. But in the last 15 minutes, the CR players managed to score 14 points. Accordingly, at the end of the scheduled time, the CR players managed to win by 23 points to 20 and qualified for the finals of the 112th Clifford Cup knockout tournament.

CR & FC පිළ ක්ලිෆර්ඩ් කුසලාන අවසන් මහා තරගයට

ආසියානු කලාපයේ ඉපැරැණිතම රග්බි තරගාවලිය වන ක්ලිෆර්ඩ් කුසලාන පිළුමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මෙවර තරගවාරයේ පළමු අවසන් පූර්ව තරගය අද දිනයේදී පැවැත්විණි. Nippon Paint අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය වෙනුවෙන් CR & FC කණ්ඩායම හා පොලිස් කණ්ඩායම කොළඹ තුරග තරග ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ තරග වැදුණි.

අතිශය තියුණු මුහුණුවරක් ගත් පළමු අර්ධයේදී ලකුණු 10ට 9ක් ලෙසින් තරගයේ පෙරමුණ හිමිකරගැනීමට සමත් වූයේ පොලිස් ක්‍රීඩා සමාජයයි. පොලිස් ක්‍රීඩකයන් පළමු අර්ධයේදී උත්සාහක දිනුමක්, එහි ප්‍රවර්ථනය හා එක් දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 10 රැස්කළ අතර CR ක්‍රීඩකයන් එම අර්ධය තුළදී දඩුවම් පහර 3ක් සාර්ථක කරගැනීමට සමත් විය.

දෙවන අර්ධයේ පළමු මිනිත්තු 25ක් අවසාන වන විට පොලිස් ක්‍රීඩකයන් තවත් ලකුණු 10ක් රැස්කළ අතර CR ක්‍රීඩකයන්ට ඒ වන තෙක් කිසිදු ලකුණක් රැස්කිරීමට නොහැකි විය. නමුත් අවසන් මිනිත්තු 15 තුළ සිය අණසක පැතිර වූ CR ක්‍රීඩකයන් ලකුණු 14ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව නියමිත කාලය අවසානයේදී ලකුණු 23ට 20ක් ලෙසින් තියුණු ජයක් හිමිකරගැනීමට CR ක්‍රීඩකයන් සමත් වූයේ 112වන ක්ලිෆර්ඩ් කුසලාන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබමිනි

கிளிஃபோர்ட் கோப்பை இறுதிப் போட்டியில் CR & FC

ஆசிய பிராந்தியத்தின் பழமையான ரக்பி போட்டியான இந்த சீசனின் கிளிஃபோர்ட் கோப்பை நாக் அவுட் ரக்பி போட்டியின் முதல் அரையிறுதி ஆட்டம் இன்று நடைபெற்றது. நிப்பான் பெயின்ட் நிறுவனத்தின் அனுசரணையில் இவ்வருடத்திற்கான முதலாவது அரையிறுதிப் போட்டியில் CR & FC அணியும் பொலிஸ் அணியும் இன்று பிற்பகல் கொழும்பு ரேஸ்கோர்ஸ் மைதானத்தில் மோதின.

மிகவும் கூர்மையாக நடைபெற்ற முதல் பாதி ஆட்டத்தில் பொலிஸ் விளையாட்டுக் கழகம் 10 முதல் 9 புள்ளிகள் என முன்னிலை பெற முடிந்தது. முதல் பாதியில் ஒரு ட்ரை, அதன் கன்வெர்ஷன் மற்றும் ஒரு பெனால்டி கிக் மூலம் பொலிஸ் வீரர்கள் 10 புள்ளிகளைப் பெற்றனர் மற்றும் அதே பாதியில் CR வீரர்கள் 3 பெனால்டி உதைகளைப் பெற முடிந்தது.

இரண்டாவது பாதியின் முதல் 25 நிமிடங்களின் முடிவில், போலீஸ் வீரர்கள் மேலும் 10 புள்ளிகளைப் பெற்றனர், மேலும் சிஆர் வீரர்களால் அதுவரை எந்தப் புள்ளியையும் பெற முடியவில்லை. ஆனால் கடைசி 15 நிமிடங்களில் சிஆர் வீரர்கள் 14 புள்ளிகளை பெற முடிந்தது. அதன்படி, நிர்ணயிக்கப்பட்ட நேர முடிவில், CR வீரர்கள் 20க்கு 23 புள்ளிகள் வித்தியாசத்தில் வெற்றி பெற்று 112வது Clifford கோப்பை நாக் அவுட் போட்டியின் இறுதிப் போட்டிக்கு தகுதி பெற்றனர்.

(Visited 73 times, 1 visits today)

You Might Be Interested In