ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවය මැයි මාසයේදී…

April 27, 2022
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවය මැයි මාසයේදී…

ජාතික මලල ක්‍රීඩා පිටියේ කනිෂ්ඨ ශුරයන් වෙනුවෙන් පැවැත්වෙන කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවය මේ වසරේදී පැවැත්වීමට ජාතික මලල ක්‍රීඩා සංගමය කටයුතු සුදානම් කොට ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් වසර දෙකක් ම පැවැත්වීමට නොහැකි වූ මෙම ක්‍රීඩා ශුරතාවය මේ වසරේ මැයි මස 9, 10, 11, සහ 12යන දින හතර පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව පවති. එහිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවු.16න් පහළ, අවු.18න් පහළ, අවු.20න් පහළ සහ අවු.23න් පහළ යන වයස් ඛාණ්ඩ හතර යටතේ තරග වැදීමට නියමිතයි.

ජාතික මලල ක්‍රීඩා සංගමය නිකුත් කර ඇති තරග කාලසටහනට අනුව ශුරතාවයේ ආරම්භක දිනය වන මැයි මස 9වන දින අවු. 23න් පහළ පිරිමි මීටර් 10 000 සහ කාන්තා මීටර් 5000 යන ඉසව් පැවැත්වීමට තීරණය කොට ඇති අතර එදිනදී වැඩි වශයෙන් මුලික වටයේ තරග පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

තරගාවලියේ දෙවන දිනයේදී ( මැයි මස 10 ) වයස් ඛාණ්ඩ හතර යටතේ ම කාන්තා සහ පිරිමි මීටර් 800 සහ මීටර් 400 කඩුලු පැනීමේ අවසන් තරග මෙන් ම දුර පැනීම සහ උස පැනීම යන ඉසව්වල අවසන් තරග කිහිපයක් ද පැවැත්වීමට නියමිතව පවති.

තෙවැනි දිනය වෙන්ව ඇත්තේ බොහෝ ඉසව්වල මුලික වටයේ සහ අවසන් පුර්ව වටයේ තරග ඉසව් පැවැත්වීමටයි. එමෙන් ම එදිනදී වයස් ඛාණ්ඩ කිහිපයක ම රිටි පැනීම සහ තුන් පිම්ම යන ඉසව්හි අවසන් තරග පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.

තරගාවලියේ අවසන් දිනයේදී එනම් මැයි මස 12වන දින වයස් ඛාණ්ඩ හතර යටතේ ම මීටර් 100, මීටර් 400 සහ මීටර් 1500 යන ඉසව්වල අවසන් තරග පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවය සඳහා ජාතික මලල ක්‍රීඩා පිටියේ කැපි පෙනෙන දක්ෂතා පෙන්වා ඇති චමෝද් යෝධසිංහ, ජයෝෂි උත්තරා සහ තරුෂි කරුණාරත්න වැනි කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.