ඉන්දු ශ්‍රි ලංකා දෙවන ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයන්ට විවර වෙයි!!

March 1, 2022
ඉන්දු ශ්‍රි ලංකා දෙවන ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයන්ට විවර වෙයි!!

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන මාර්තු මස 4වනදා ආරම්භ වීමට නියමිතය. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අයත් මෙම තරගාවලියේ පළමු තරගය මොහාලිහිදී පැවැත්වෙන අතර දෙවන තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් බැංගලෝරයේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ඉන්දියාව තුළ දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට සත්කාරකත්වය දරණ තෙවන ක්‍රීඩාංගණය බවට M.Chinnaswamy ක්‍රීඩාංගණය පත්වනු ඇත. මින් පෙර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණය හා නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය දිවා රාත්‍රී ටෙස්ට් තරග වෙනුවෙන් සත්කාරකත්වය දැරීය.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයන්ට විවෘත නොවුනද දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදී 50%ක ප්‍රේක්ෂක ධාරිතාවකට තරග නැරඹීමට අවස්ථාව හිමිවනු ඇත. බැංගලෝර්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ඉන්දීය රුපියල් 100 සිට 2500 දක්වා වූ ටිකට්පත් ලබාගැනීමේ හැකියාව ඇත.

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.