සිතුම් හා තරුෂි ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබයි !!!

March 11, 2022
සිතුම් හා තරුෂි ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබයි !!!

ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා වන පුහුණුවීම්හි දෙවන අදියර ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහිදී මීටර් 400 ඉසව්ව වෙනුවෙන් එක්වූ සිතුම් ජයසුන්දර හා තරුෂි කරුණාරත්න හා තරුෂි කරුණාරත්න සිය පෞද්ගලික හොදම කාලය වාර්තා කරන්නට ඊයේ දිනයේදී සමත් විය. එම වාර්තා කළ කාලයත් සමගින් ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සිතුම් හා තරුෂිට හැකිවිය.

17 හැවිරිදි වියෙහි පසුවන තරුෂි කරුණාරත්න වලල A රත්නායක විද්‍යාලයෙහි ඉගෙනුම ලබන අතර ඊයේ දිනයේදී තත්පර 54.29ක කාලයක් වාර්තා කරමින් මීටර් 400 ඉසව්වේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත් විය. 17 හැවිරිදි වියෙහි පසුවන සර් ජෝන් කොතලාවල විද්‍යාලයීය ක්‍රීඩක සිතුම් ජයසුන්දර මීටර් 400 ඉසව්වේ අවසන් මහා තරගයේදී තත්පර 47.33ක කාලයක් වාර්තා කරමින් එහි දෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

මීටර් 100 කාන්තා ඉසව්වෙහි අතිශය තියුණු තරග අවසානයකින් අනතුරුව ජය හිමිකරගැනීමට රුමේෂිකා රත්නායක සමත් වූයේ ප්‍රබල ක්‍රීඩිකා අමාෂා ද සිල්වා අභිබවා යමිනි. මීටර් 100 පිරිමි ඉසව්වෙහි පළමු ස්ථානය හිමිකරගැනීමට යුධ හමුදා ක්‍රීඩක චමෝද් ජයසිංහට හැකිවිය. ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා වන පුහුණුවීම්හි දෙවන අදියර දෙවන දිනටත් අද දිනයේදී ක්‍රියාත්මක වෙයි.