ශ්‍රී ලංකාවේ මීළඟ පුහුණුකරු ලැන්ගර්ද??

February 17, 2022
ශ්‍රී ලංකාවේ මීළඟ පුහුණුකරු ලැන්ගර්ද??

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආතර් මහතා සිය තනතුරින් ඉවත් වීමත් සමඟින් පුරප්පාඩු වූ එම තනතුර සඳහා තවමත් කිසිවකු පත් කර නොමැති අතර ප්‍රධාන පුහුණුකාරධූරය සඳහා විදේශිකයෙකු පත් කර ගැනීමේ බලාපොරොත්තුවක් ඇති බවට මීට පෙර නොයෙක් අවස්තාවන්හීදී වාර්තා විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරධූරය සඳහා පත් වනු ඇති බවට මේ වන විට ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇත්තේ හිටපු ඕස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර්වයි. ජස්ටින් ලැන්ගර් පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර මෑත ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව මුහුණ පෑ අපකීර්තිමත්ම සිදුවීම වන පන්දුව පළුදු කිරීමේ සිදුවීමෙන් අනතුරුව නැවතත් ඕස්ට්‍රේලියානු කන්ඩායම නගා සිටුවීමටත් ලැන්ගර් ප්‍රධාන පුහුණුකරු වශයෙන් දැවන්ත කාර්යයක් සිදු ක‍ර ඇත.

මේ වන විට ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වී සිටින බැවින් ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා බඳවා ගැනීමට ශ්‍රී ලංකාව උනන්දුවෙන් සිටින බවට ආරංචි මාර්ග වාර්තා කරන අතර මේ සඳහා ප්‍රේක්ෂකයින්ගෙන්ද මේ දක්වා ලැබී ඇත්තේ ඉතා හොඳ ප්‍රතිචාරයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවලදී ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස තරඟ සංචාරයක නිරත වෙමින් සිටින අතර මෙම තරඟාවලිය සඳහා අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කරමින් සිටියි.