වනිඳු හසරංගට සහ නුවන් තුෂාරට ඉදිරි තරඟත් අහිමි වේ..

February 17, 2022
වනිඳු හසරංගට සහ නුවන් තුෂාරට ඉදිරි තරඟත් අහිමි වේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ තුන්වන විස්සයි විස්ස තරඟයට පෙර පැවති පී.සී.ආර් පරීක්ෂණයකදී සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට කෝවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ නිසාවෙන් වනිඳු හසරංගට තරඟාවලියේ ඉදිරි තරඟ දෙකත් අහිමි වන බවට වාර්තා වේ.

මේ අතර තෙවන විස්සයි විස්ස තරඟයේ සිය දෙවන පන්දුවාරය යොමු කරන අතරවාරයේදී උදරයේ එක් පසෙක මස් පිඩු ඉරී යෑම හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ආබාධයකට ලක්වූ අතර මේ නිසාවෙන් ඔහුට සති 4ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කර ඇත. මේ නිසාවෙන් එළඹෙන ඉන්දීය තරඟ සංචාරයද නුවන් තුෂාරට අහිමි වීමේ වැඩි ඉඩක් ඇත.

එමෙන්ම ඕස්ට්‍රේලියානු තරඟාවලියේ දෙවන තරඟයට පෙර කෝවිඩ් ආසාධනය වී ඇති බවට තහවුරු වී නිරෝධායනය සඳහා යොමු කළ බිනුර ප්‍රනාන්දුටත් මෙම තරඟාවලියේ ඉදිරි තරඟ මඟ හැරීමට වැඩි ඉඩක් ඇත.