රාවල්පිණ්ඩි තනතිරුව කෙරෙහි ICCයේ අවදානය !!!

March 8, 2022
රාවල්පිණ්ඩි තනතිරුව කෙරෙහි ICCයේ අවදානය !!!

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පකිස්ථාන කණ්ඩායම අතර ඓතිහාසික ටෙස්ට් තරගය පසුගියදා රාවල්පිණ්ඩිහිදී ආරම්භ විය. මෙම තරගයේ පළමු දින හතර නිමාවට පත් වන විට බිද වැටි තිබුනේ කඩුළු 11ක් පමණි. ඒ හේතුවෙන් මෙම තරගයේ තනතීරුව පිලිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවදානය යොමුව ඇත.

මෙම තරගයේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කරනුයේ රන්ජන් මඩුගල්ලයි. 2017 වසරේ අළුබඳුන තරගාවලියේදී මෙල්බර්න් තනතිරුව දුර්වල තනතිරුවක් බව රන්ජන් මඩුගල්ල තරග තීරකවරයා විසින් සදහන් කළේය. රාවල්පින්ඩිහි පැවැත්වෙන ටෙස්ට් තරගය අද දිනයේදී නිමාවට පත්වන අතර එම තරගයෙන් අනතුරුව තනතිරුව සම්බන්දයෙන් තරග තීරකවරයා සිය තීරණය ලබාදෙනු ඇත. තනතිරුව දුර්වල බව සදහන් කළහොත් රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට දඩුවම් ලකුණු 3ක් හිමිවනු ඇත.

යම් ක්‍රීඩාංගණයකට වසර 5ක් ඇතුලත දඩුවම් ලකුණු 5ක් හිමි වුවහොත් එම ක්‍රීඩාංගණයට වසරක කාලසීමාවක ජාත්‍යන්තර තරග තහනමක් පැනවෙනු ඇත. මෙම තනතිරුව සම්බන්දයෙන් පකිස්ථාන හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සැහීමකට පත් නොවූ ආකාරය ස්ටීව් ස්මිත් හා නෞමන් අලි තරගය සම්බන්දයෙන් දැක්වූ අදහස් තුලින් දැකගත හැකිවිය.