Connect with us

News

එංගලන්ත කොදෙව් දෙවන ටෙස්ට් තරගයත් ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි !!!

Published

on

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයද ජය පරාජයන් තොරව අවසන් විය. බාබඩෝස්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 507ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වූ අතර නායක ජෝ රූට් හතරේ පහර 14ක් සමගින් ලකුණු 153ක්ද බෙන් ස්ටෝක්ස් හතරේ පහර 11ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 120ක්ද රැස්කිරීමට සමත් විය. ඔවුනට සහයක් එක් කළ ඩෑන් ලෝරන්ස් හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 91ක් රැස්කළේය. පන්දු යැවීමේදී වීරසාමි පෙරුමාල් කඩුලු 3ක් හා කෙමාර් රෝච් කඩුලු 2ක් දවාගත්හ.

පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 411ක් රැස්කළහ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන්ද ශතක දෙකක් වාර්තා වූ අතර නායක ක්‍රෙග් බ්‍රැත්වේට් පන්දු 489කට ක්‍රීඩා කරමින් හතරේ පහර 17ක්ද ඇතුළුව අගනා ලකුණු 160ක් රැස්කළේය. මෙය 2004 වසරෙන් අනතුරුව කොදෙව් පිතිකරුවෙකු ටෙස්ට් පිටියේ මුහුණ දුන් වැඩිම පන්දු සංඛ්‍යාව බවටද පත් විය. අනෙක් ශතක ලාභියා වූ ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 102ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ජැක් ලීච් පන්දුවාර 69 පන්දු 5ක් යොමුකරමින් කඩුලු 3ක් දවාගනිද්දී මෙම සියවස තුළ ටෙස්ට් ඉනීමක එංගලන්ත පන්දු යවන්නෙකු යැවූ වැඩිම පන්දුවාර ගණන බවටද එය පත් විය.

ලකුණු 96ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනීම ඇරඹූ එංගලන්තය කඩුලු 6කට ලකුණු 185ක් රැස්කොට සිටියදී සිය දෙවන ඉනීම අත්හිටුවීමට තීරණය කලේ ලකුණු 282ක ඉලක්කයක් කොදෙව්වන්ට ලබා දෙමිනි. එංගලන්ත දෙවන ඉනීමේදී ඩෑන් ලෝරන්ස් ලකුණු 41ක්ද සැක් ක්‍රව්ලි ලකුණු 40ක්ද රැස්කළහ. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය. කොදෙව් නායක ක්‍රෙග් බ්‍රැත්වේට් දෙවන ඉනීමේදීද පන්දු 184කට ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 56ක් රැස්කළේය. ඒ අනුව ක්‍රෙග් බ්‍රැත්වේට් වාර්තා පොත් අතරට එක්වූයේ ටෙස්ට් තරගයක වැඩිම පන්දු ගණනකට ක්‍රීඩා කළ කොදෙව් පිතිකරුවා බවට පත් වෙමිනි. ජෝෂුවාද සිල්වා නොදැවී ලකුණු 30ක් රැස්කරද්දී අවසන් දිනයේ තරගය නිමාවට පත් වන විට කොදෙව් දෙවන ඉනීම කඩුලු 5කට ලකුණු 135ක් ලෙසින් දිස්විය. එංගලන්තය වෙනුවෙන් ජැක් ලීච් කඩුලු 3ක් හා ෂකිබ් මහමුඩ් කඩුලු 2ක් බිදහෙලීය.

එංගලන්ත පළමු ඉනීම : 507/9d
ජෝ රූට් 153, බෙන් ස්ටෝක්ස් 120, ඩෑන් ලෝරන්ස් 91
වීරසාමි පෙරුමාල් 3/126, කෙමාර් රෝච් 2/68

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනීම : 411/10
ක්‍රෙග් බ්‍රැත්වේට් 160, ජර්මයින් බ්ලැක්වුඩ් 102, ශම්රා බෲක්ස් 39
ජැක් ලීච් 3/118, ෂකිබ් මහමුඩ් 2/58, බෙන් ස්ටෝක්ස් 2/65

එංගලන්ත දෙවන ඉනීම : 185/6d
ඩෑන් ලෝරන්ස් 41, සැක් ක්‍රව්ලි 40
වීරසාමි පෙරුමාල් 2/29, ජේඩ්න් සීල්ස් 2/34

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනීම : 135/5
ක්‍රෙග් බ්‍රැත්වේට්* 56, ජෝෂුවාද සිල්වා* 30
ජැක් ලීච් 3/36, ෂකිබ් මහමුඩ් 2/21

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Leadership Change Looms at Sri Lanka Cricket

Published

on

By

Sri Lanka Cricket could be on the verge of a major leadership shake-up, with reports suggesting that President Shammi Silva is expected to resign from his post on Wednesday, potentially ending a seven-year tenure at the helm of the governing body.

According to a report published by Daily Mirror, Silva’s anticipated resignation follows a request from the government, signaling possible political involvement in the administration of the sport.

The report further indicates that former Member of Parliament and State Minister Eran Wickramaratne is likely to be appointed as the Interim President of Sri Lanka Cricket, should Silva step down as expected.

Silva, who was first elected to the position in February 2019, has maintained his leadership through multiple election victories, overseeing Sri Lanka Cricket during a period marked by both challenges and transitions.

While no official confirmation has yet been issued, the reported developments have already sparked widespread discussion within cricketing and political circles, raising questions about the future direction of the country’s cricket administration.

Continue Reading

Athletics

Tharanga Claims Historic Gold in Nairobi with Record-Breaking Throw

Published

on

By

Sri Lanka’s rising javelin sensation Rumesh Tharanga delivered a remarkable performance on the international stage, clinching gold at the Kip Keino Classic in Nairobi with a stunning meet record throw of 89.28 metres.

Competing against an elite field, Tharanga outshone some of the sport’s biggest names, including Olympic champion Thomas Röhler and Kenya’s celebrated Olympic silver medallist and world champion Julius Yego. His victory marks one of the most significant achievements in Sri Lankan athletics in recent years.

The triumph is further highlighted by Tharanga’s consistency, as this is his second throw exceeding 89 metres within a month. Such performances signal his growing dominance and position him firmly among the world’s top javelin throwers this season.

Continue Reading

News

Seneviratne Elected NOC President in Key Vote for Sri Lanka Sports Future

Published

on

By

Asanga Seneviratne was elected as the new President of the National Olympic Committee of Sri Lanka following a decisive vote held today, marking a significant leadership change at a crucial juncture for the nation’s sporting landscape.

Seneviratne, who also heads the Sri Lanka Baseball Softball Association, secured a clear majority with 16 votes. His closest contender, Jaswar Umar, garnered 11 votes, while Shirantha Peiris received 2.

The election outcome places Seneviratne at the helm of the country’s premier Olympic body as Sri Lanka intensifies preparations for a series of upcoming regional and international competitions.

His appointment is expected to play a key role in shaping the direction of national sports development and strengthening the country’s presence on the global stage.

Continue Reading

Trending