Two of the three missing Sri Lankans athletes were found in Birmingham!!!

It was reported recently that three members of the Sri Lankan squad that went to Birmingham to participate in the 22nd Commonwealth Games have gone missing.

On the first (1) of August, a 30-year-old Judo player named Marappulige Chamila Delaney and Tikiri Hannadige Duminda Asela de Silva a 40-year-old judo coach, 20-year-old Yodha Pedige Sanith Chaturanga wrestler has been missing since August 4.

However, West Midlands Police in the United Kingdom has confirmed that two of the three missing persons have been found. The West Midlands Police have informed that a 30-year-old woman and a 40-year-old man who has been missing since August 1st have been found and doing inquiry for the 20-year-old man has been reported missing since the 4th.

It is reported that the passports of all the members of the Sri Lankan squad who participated in the Commonwealth Games have now been taken into custody by the officials dealing with the sports discipline of the squad.

බර්මිංහැම්හිදි අතුරුදහන් වූ ලාංකිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු සොයා ගැනේ….

22 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම ස‍ඳහා බර්මිංහැම් නුවර බලා ගිය ශ්‍රී ලංකා සංචිතයෙන් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බව පසුගිය දිනවලදී වාර්තා විය.

අගෝස්තු පළමු (1) වන දා සිට 30 හැවිරිදි මාරප්පුලිගේ චමිලා ඩිලානි නම් ජූඩෝ ක්‍රීඩිකාවක් සහ ටිකිරි හැන්නැදිගේ දුමින්ද අසේල ද සිල්වා නම් අවු. 40ක් වයසැති ජූඩෝ පුහුණුකරුවකු මෙන් ම අගෝස්තු 4වන දා සිට යෝධ පේදිගේ ශනිත් චතුරංග නම් අවූ. 20ක් වන මල්ලව පොර ක්‍රීඩකයකු ද මෙසේ අතුරුදහන් වී ඇත.

කෙසේවෙතත් මේ වන විට අතුරුදහන් වූ තිදෙනා අතරින් දෙදෙනෙකු සොයා ගෙන ඇති බව එක්සත් රාජධානියේ West midlands පොලිසිය තහවුරු කර තිබේ. West midlands පොලිසිය දන්වා ඇත්තේ අගෝස්තු පළමු වෙනිදා සිට අතුරුදහන්ව සිටි වයස අවු.30ක් වන කාන්තාවක් සහ වයස අවූ.40ක් වන පිරිමි පුද්ගලයකු සොයා ගෙන ඇති බවත් ඉකුත් 4වන දා සිට තවත් 20 හැවිරිදි පුද්ගලයකු අතුරුදහන් වූ බව වාර්තා වී ඇති බැවින් ඔහුව සොයා මේ වන විටත් විමර්ශන සිදුකරමින් සිටින බව ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ සියලු දෙනාගේ ම ගමන් බලපත්‍ර මේ වන විට සංචිතයේ ක්‍රීඩා විනය සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

காணாமல் போன மூன்று இலங்கையர்களில் இருவர் பேர்மிங்காமில் கண்டுபிடிக்கப்பட்டுள்ளனர்…

22ஆவது பொதுநலவாய விளையாட்டுப் போட்டியில் பங்கேற்பதற்காக பர்மிங்காம் சென்ற இலங்கை அணியில் மூன்று பேர் காணாமல் போயுள்ளதாக அண்மையில் செய்திகள் வெளியாகியிருந்தன.

ஆகஸ்ட் முதல் (1) அன்று, மரப்புலிகே சமிலா டெலானி என்ற 30 வயது ஜூடோ வீரரும், 40 வயது ஜூடோ பயிற்சியாளரான டிக்கிரி ஹன்னடிகே துமிந்த அசேல டி சில்வாவும், 20 வயதான யோத பெடிகே சனித் சதுரங்க மல்யுத்த வீரரும் காணாமல் போயுள்ளனர். ஆகஸ்ட் 4 முதல்.

எவ்வாறாயினும், காணாமல் போன மூவரில் இருவர் கண்டுபிடிக்கப்பட்டுள்ளதாக ஐக்கிய இராச்சியத்தின் வெஸ்ட் மிட்லாண்ட்ஸ் பொலிஸார் உறுதிப்படுத்தியுள்ளனர். ஆகஸ்ட் முதலாம் திகதி முதல் காணாமல் போயிருந்த 30 வயதுடைய பெண்ணும் 40 வயதுடைய ஆண் ஒருவரும் கண்டுபிடிக்கப்பட்டுள்ளதாகவும், 4ஆம் திகதி முதல் 20 வயதுடைய இளைஞன் காணாமல் போயுள்ளதாக மேற்கு மிட்லண்ட்ஸ் பொலிஸார் தெரிவித்துள்ளனர்.

பொதுநலவாய போட்டிகளில் பங்குபற்றிய இலங்கை அணியில் அங்கம் வகிக்கும் அனைத்து வீரர்களின் கடவுச்சீட்டுகளும் தற்போது அணியின் விளையாட்டு ஒழுக்கத்தை கையாளும் அதிகாரிகளால் கைப்பற்றப்பட்டுள்ளதாக தெரிவிக்கப்படுகின்றது.

(Visited 73 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin