ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය පරදියි……

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය අද කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතාගේ ප්‍ර්‍රධානත්වයෙන්.

තරගයේ 6වන විනාඩියේදී හිමි වූ නිදහස් පහර සාර්ථක කරගනිමින් ගෝලයක් වාර්තා කිරීමට මාවින් හැමිල්ටන් සමත්වීමත් සමඟ තරගය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරගයේ 31 වන විනාඩියේදී අබ්දුල් බාසිත් පාදයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වුණා.

තරගයට තවත් තරගකාරිත්වයක් ලබා දෙමින් සීෂෙල්ස් කණ්ඩායම තරගයේ 45 වන විනාඩියේදී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. එම ගෝලය වාර්තා කළේ එමනුඑල් ජේන්.

තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ තම කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ දෙවන ගෝලය වාර්තා කිරීමට මොහොමඩ් ආකිබ් සමත්වුණා.ඒ තරගයේ 57 වන විනාඩියේදී .

තරගාවලිය පුරා කැපී පෙනුණ දක්ෂතා දැක්වූ වසීම් රසික් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන ගෝලය වාර්තා කළේ තරගාවලියේ තමන් වාර්තා කළ 7වන ගෝලය වාර්තා කරමින්.

තරගය තවත් උණුසුම් කරමින් සීෂෙල්ස් කණ්ඩායම 83 වන විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කළේ ගෝල තත්වය ගෝල 3-2 ක් බවට පත් කරමින්.

89වන විනාඩියේදී සීෂෙල්ස් කණ්ඩායම තවත් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ තරගය ගෝල 3-3 ක් ලෙස සම තත්වයට පත්වුණා.

ඒ අනුව තරගය ගෝල 3-3 ලෙස නියමිත කාලයේදී අවසන් වුණා.

ඒ අනුව තරගයේ ජය තීරණය වූයේ දඬුවම් පහර මගින්.
එහි පළමු අවස්ථා දෙකම කණ්ඩායම දෙකම සාර්ථක කර නොගත් අතර සීෂෙල්ස් කණ්ඩායම දෙවන අවස්ථාව සාර්ථක කරගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම් අවස්ථාව අසාර්ථක වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන අවස්ථාව ගෝල රකින ක්‍රීඩක සුජාන් ලබාගත් අතර එය සාර්ථක වුණා. සීෂෙල්ස් තම සිව්වන අවස්ථාව සාර්ථක කරගැනීමට සමත්වීමත් සමඟ තරගයේ ජයග්‍රහණය ද ඔවුන්ට හිමිවුණා.

ආබාධයන්ට ලක් වීම හේතුවෙන් ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයන් වන ඩිලන් ද සිල්වා සහ කවිඳූ ඉෂාන් හට අද අවසන් මහා තරගය අහිමි වූ අතර ආරක්ෂක ක්‍රීඩක ඩක්සන් පුස්ලස් පසුගිය තරගයේ දී රතු කාඩ්පතක් ලබා ගත් නිසා ඔහුට ද අවසන් තරගය අහිමි වී තිබුණා

(Visited 79 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin