ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානය බලා පිටත් වේ..

එක්දින තරඟ 3න් සහ විස්සයි තරඟ 3න් සමන්විත තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (19) පාකිස්තානය බලා දිවයිනෙන් පිටත් විය. ක්‍රීඩිකාවන් 15ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දරන්නේ චමරි අතපත්තු විසින්.

කණ්ඩායම ඉතා හොඳ සූදානමකින් සිටින බවටත් තරඟාවලිය ජයගත හැකි වනු ඇති බවට විශ්වාසයක් ඇති බවටත් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ සූදානමක පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න ප්‍රකාශ කර සිටියේය. කණ්ඩායමේ ශක්තිය ඔවුන්ගේ පිතිකරණය සහ ඔවුන්ගේ දඟ පන්දු අංශය බවත් ඔහු වැඩිදුරට සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචිතය – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා මාධවී, ඉමේෂා දුලානි, ප්‍රසාදිනී වීරක්කොඩි, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශික ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි, සචිනි නිසංසලා, ඔෂධී රණසිංහ, අනුෂ්කා සංජීවනී

අතිරේක ක්‍රීඩිකාවන් – කාව්‍යා කාවින්දි, රශ්මි ද සිල්වා, සත්‍යා සංදීපනී, මල්ශා ෂෙහානි, තාරිකා සෙව්වන්දි

විස්සයි විස්ස තරඟ කාලසටහන
පළමු තරඟය – මැයි 24
දෙවන තරඟය – මැයි 26
තෙවන තරඟය – මැයි 28

එක්දින තරඟ කාලසටහන
පළමු තරඟය – ජුනි 1
දෙවන තරඟය – ජුනි 3
තෙවන තරඟය – ජුනි 5

(Visited 71 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin