National Super Provincial සිව්දින තරගාවලියේ අද දිනයේදී ශතක ත්‍රිත්වයක් වාර්තා වෙයි !!!

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ද්විත්ව දෙවන දිනටත් අද දිනයේදී ආරම්භ විය. තරගාවලියේ අවසන් පූර්ව වටය වෙනුවෙන් කොළඹ කණ්ඩායම, යාපනය කණ්ඩායම, නුවර කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම සුදුසුකම් ලැබීය. ඊයේ දිනයේදී ආරම්භ වූ අවසන් පූර්ව තරග ද්විත්වය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

යාපනය කොළඹ තරගය
හම්බන්තොටදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොළඹ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව කොළඹ කණ්ඩායම සිය පළමු ඉනීමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කළේ ලකුණු 272ක් පමණි. අගනා ඉනීමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 114ක් රැස්කළේය. පන්දු යැවීමේදී යාපනය කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා කඩුලු 5ක් බිදහෙලීය. පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ යාපනය කණ්ඩායම අද දිනයට තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 204ක් රැස්කොට සිටියහ. නොදැවී පන්දුවට පහර දෙන ශාමින්ද ප්‍රනාන්දු ලකුණු 76ක් රැස්කොට සිටියි.

කොළඹ පළමු ඉනීම : 272/10
කුසල් මෙන්ඩිස්* 114, මාධව වර්ණපුර 42, දිමුත් කරුණාරත්න 39, ක්‍රිෂාන් සංජුල 39
ධනංජය ද සිල්වා 5/48, ජෙෆ්‍රි වැන්ඩසේ 2/59

යාපනය පළමු ඉනීම : 204/8
ශාමින්ද ප්‍රනාන්දු* 76, නවෝද් පරණවිතාන 42, සදීර සමරවික්‍රම 32
කවික දිල්ෂාන් 4/85, නලින් ප්‍රියදර්ශන 2/29

නුවර ගාල්ල තරගය
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ගාල්ල නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන නුවර කණ්ඩායම අද දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 192ක් රැස්කොට සිටියහ. අද දිනයේදී මහනුවර කණ්ඩායම් නායක කමිදු මෙන්ඩිස් හා ඕෂධ ප්‍රනාන්දු ශතක වාර්තා කිරීමට සමත් විය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 127ක්ද කමිදු මෙන්ඩිස් ලකුණු 108ක්ද රැස්කිරීමට සමත් විය. අද දිනයට තරගය නතර කරන විට මහනුවර කණ්ඩායම කඩුලු 8කට ලකුණු 447ක් රැස්කොට සිටියහ. නොදැවී පන්දුවට පහර දෙන ලහිරු උදාර ලකුණු 76ක් රැස්කොට සිටියි.

නුවර පළමු ඉනීම : 447/8
ඕෂධ ප්‍රනාන්දු 127, කමිදු මෙන්ඩිස් 108, ලහිරු උදාර* 76
ධනංජය ලක්ෂාන් 2/57, දිල්ෂාන් මධුසංඛ 2/77

(Visited 70 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin