Bangabandu කුසලාන කබඩි අවසන් පූර්ව වටයෙන් ශ්‍රි ලංකාව පරාජයට පත් වෙයි !!!

March 24, 2022
Bangabandu කුසලාන කබඩි අවසන් පූර්ව වටයෙන් ශ්‍රි ලංකාව පරාජයට පත් වෙයි !!!

Bangabandu කුසලාන කබඩි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ ඩකාහිදී පැවැත්විණි. ඊයේ දිනයේදී පැවති අවසන් පූර්ව වටය වෙනුවෙන් සත්කාරක බංග්ලාදේශය, ශ්‍රි ලංකාව, ඉරාකය හා කෙන්යාව සුදුසුකම් ලබා තිබුණි. එහි පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායම හා කෙන්යානු කණ්ඩායම තරග වැදිනි.

නියමිත මිනිත්තු 40ක කාලසීමාව අවසන් වන විට අවසන් ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 29-49ක් ලෙසිනි. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකරගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කෙන්යානු කණ්ඩායම සමත් විය. දෙවන අවසන් පූර්ව තරගයේදී ඉරාකය පරාජයට පත් කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. නියමිත කාලසීමාව අවසානයේදී ලකුණු සටහන දිස්වූයේ ලකුණු 35ට 55ක් ලෙසින් බංග්ලාදේශ කණ්ඩායමට ජයහිමිකරදෙමිනි. Bangabandu කුසලාන කබඩි තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී බංග්ලාදේශය හා කෙන්යාව අතර පැවැත්වෙනු ඇත.