ශ්‍රී ලංකා සංචාරය පෙනෙන මානයේදී බංග්ලාදේශයට තද පහරක් !!

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියට පෙර බංග්ලාදේශයට දැවැන්ත පාඩුවක් උරුම කරමින් බංග්ලාදේශයේ ප්‍රධානතම පෙළේ දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන මෙහීඩි හසන් ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ආරම්භක තරඟයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වේ.

මෙවර ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ඔහු ආබාධයට ලක් විණි.

පසුගිය 24 දින ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තමීම් ඉක්බාල්ගේ උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙහිදි හසන්ගේ ඇඟිල්ල ආබාධයකට ලක් වී ඇත.

බංග්ලාදේශ ක්‍රීඩා මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙහිදි ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයෙන් ඉවත් කොට ඇති අතර දෙවන තරඟයට ඔහුගෙ සහභාගීත්වයත් අනපේක්ෂිත බවට වාර්තා වේ. මෙහිදිගේ හිස්තැන පිරවීම සඳහා නයීම් හසන්
බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට නියමිතයි.

තරඟාවලියේ පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා චැටෝග්‍රාම්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ඩකාහි ෂෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී මැයි 23 වැනිදා සිට දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතය.

(Visited 95 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin