කුසල් මෙන්ඩිස් අවසන් පූර්ව තරගයේදී ලකුණු අතරට

March 31, 2022
කුසල් මෙන්ඩිස් අවසන් පූර්ව තරගයේදී ලකුණු අතරට

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ද්විත්ව අද දිනයේදී ආරම්භ විය. තරගාවලියේ අවසන් පූර්ව වටය වෙනුවෙන් කොළඹ කණ්ඩායම, යාපනය කණ්ඩායම, නුවර කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම සුදුසුකම් ලැබීය. අද දිනයේදී ආරම්භ වූ අවසන් පූර්ව තරග ද්විත්වය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

යාපනය කොළඹ තරගය
හම්බන්තොටදී පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොළඹ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව අද දිනය අවසානයේ පන්දුවාර 90කට මුහුණ දෙමින් කඩුලු 6කට ලකුණු 224ක් රැස්කිරීමට කොළඹ කණ්ඩායමට හැකිවිය. කොළඹ කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 83ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු යුගලය වූ දිමුත් කරුණාරත්න හා ක්‍රිෂාන් සංජුල ලකුණු 39 බැගින්ද මාධව වර්ණපුර ලකුණු 42ක්ද රැස්කළේය. පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

කොළඹ පළමු ඉනීම : 224/6 (90)
කුසල් මෙන්ඩිස්* 83, මාධව වර්ණපුර 42, දිමුත් කරුණාරත්න 39, ක්‍රිෂාන් සංජුල 39
ධනංජය ද සිල්වා 4/42, නුවන් ප්‍රදීප් 1/24

නුවර ගාල්ල තරගය
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ගාල්ල නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දුවාර 59ක් පමණි. අද දිනය අවසානයේදී මහනුවර කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 192ක් රැස්කිරීමට සමත් විය. නොදැවී පන්දුවට පහර දෙන ඕෂධ ප්‍රනාන්දු ලකුණු 71ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 51ක්ද රැස්කිරීමට සමත් විය.

නුවර පළමු ඉනීම : 192/2 (59)
ඕෂධ ප්‍රනාන්දු* 71, කමිදු මෙන්ඩිස්* 51, කසුන් විදුර 45
ධනංජය ලක්ෂාන් 2/29

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.