News
ඔලිම්පික් රන් පදක්කමට පාර කියා දුන් වීරවරිය
හැන්ස්ල් පාච්මන්ට් ( Hansle Parchment)පසුගිය දිනවල ලෝකයේම අවධානය දිනාගත්තේ මීටර් 110 පිරිමි කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට සමත් වීමත් සමඟයි. ඔහු ඒ ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ස්වේච්ඡාවෙන් සේවය ලබාදෙන ( volunteer) තරුණියක් ඔහුට මග පෙන්වූ නිසා බව ඔබ පිළිගන්නවා ද??
පාච්මන්ට් හට තම ඉසව්වේ අවසන් පූර්ව වටය අහිමි නොවී බේරුණේ මේ පුංචි වීරවරිය නිසයි. ඔහු තම ඉසව්වට සහභාගී වීම සඳහා ඔලිම්පික් ගම්මානයෙන් පිටත්වන බසයක නැගී ගමන් කර තිබුණා. සංගීතය රස විඳිමින් ගමන් කළ නිසා බස් රථයේ ගමනාන්තය පිළිබඳ කියවන තොරතුරු ඔහුට ඇසී තිබුණේ නැහැ
ටික දුරක් ගමන් කළ පසු මෙතෙක් කල් තමන් ගමන්ගත් මාර්ගයට වඩා වෙනස් මගක බස් රථය ගමන් ගන්නා බව ඔහුට වැටහුණි. බස් රථය ගමනාන්තයට පැමිණි අවස්ථාවේදී ඔහුට දැනගන්නට ලැබුණේ එය වෙනත් තරග ඉසව්වක් පැවැත්වෙන ස්ථානයක් බවයි. වහාම තම කණ්ඩායමේ කළමනාකරු ඇමතූ ඔහුට ලැබුණු පිළිතුර වූයේ, හැකි ඉක්මනින් නැවත ඔලිම්පික් ගම්මානයට පැමිණ එතනින් මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථානයට පිටත්ව යන ලෙසයි.
නැවත ඔලිම්පික් ගම්මානයට යාම හැර වෙනත් පිළිසරණක් සොයමින් සිටි පාච්මන්ට් හට නෙත ගැටුණේ කඩිමුඩියේ තම රාජකාරිය කරමින් සිටින ෆියෝනා ය. තමන්ට සිදු වූ සිදුවූ අකරතැබ්බය ඔහු කඩිනමින් ෆියෝනා ට විස්තර කළා. ඇය යුහුසුළුව ඔහුට මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථානය කරා යාමට කුලී රථයක් සූදානම් කර දුන්නා පමණක් නොව ඒ සඳහා වැය වන මුදල් ද ඔහුට ලබාදීමට කටයුතු කළා. තමන් වෙත කළ උපකාරයට වචනයෙන් ස්තුතිවන්ත වෙමින් පාච්මන්ට් මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය වෙත ගිය අතර එහි පෙර පුහුණුවීම් කටයුතු සඳහා ද නියමිත වේලාවට සහභාගි වුණා.
අවසන් පූර්ව තරගය ෆියෝනා ගේ මග පෙන්වීම යටතේ සාර්ථකව අවසන් කළ පාච්මන්ට් අවසන් මහා තරගයේ දී ඔලිම්පික් රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වුණා. තරගයෙන් පසුව තමන් වෙත අසීරුම මොහොතේ නොපැකිලව ඉදිරිපත්ව උපකාර කළ තරුණිය සොයා යෑමට පාච්මන්ට් කටයුතු කළා.
ඔහු ඇය සොයා යන ගමන සෙල්ෆි වීඩියෝවක් හරහා පටිගත කිරීමට ද පාර්ච්මන්ට් කටයුතු කළ අතර, “ඔබට මාව මතකයි ද?” යැයි පාච්මන්ට් විමසූ විට ” ආහ් ඔව්, එදා වෙලාවට ගියාද” ඇය පෙරළා විමසා සිටියා. “ඔව් මම තරගයට ගියා මම අද ආවේ ඔයාට යමක් පෙන්වන්න” කියූ පාච්මන්ට් තමන් දිනූ ඔලිම්පික් රන් පදක්කම ෆියෝනා අත තබා පවසන්නේ “මම මේ රන් පදක්කම දිනා ගත්තේ ඔබ නිසා. ඔබට ස්තුතියි” කියා පවසන්නේ ෆියෝනා දිලිසෙන දෑසින් ඒ පදක්කම දෙස බලනා අතරතුරදී ය.
“මේ බලන්න මම ඔබට අපේ රටේ ටී ෂර්ට් එකක් ගෙනාවා.මම හිතනවා ඒක ඔබේ ගානට ඇති කියලා” පාච්මන්ට් ෆියෝනා ගේ උපකාරය අගය කරමින් කුඩා තිළිණයක් ද ඇයට ලබා දෙනවා. “අහ්, තව දෙයක්. මම එදා ඔයාගෙන් ඉල්ලගත්ත සල්ලි, ඒකත් මම ගෙනාවා” කියමින් යම් මුදල් ප්‍රමාණයක් ද ඇය වෙත ලබා දෙනවා
මේ සියල්ල සතුටින් භාරගන්නා ෆියෝනා සමඟ අවසානයේ පාච්මන්ට් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකිරීම විශේෂත්වයක්.
අසීරු මොහොතක යමෙකුට උපකාර කිරීම මෙන්ම ඒ කළ උපකාරය පසුව අගය කිරීම පිළිබඳව පාඩමක් නැවතත් පාච්මන්ට් සහ ෆියෝනා ලොවටම කියා දී තිබෙනවා.
සුපුන් හෙට්ටිආරච්චි
Cricket
Gary Kirsten Appointed as Head Coach of Sri Lanka National Men’s Team
Sri Lanka Cricket has officially announced the appointment of Gary Kirsten as the new head coach of the national men’s team, effective from 15 April 2026. His tenure will run for two years, concluding on 14 April 2028.
Kirsten, a former South African international cricketer, brings with him a wealth of coaching experience and a distinguished playing career. Between 2008 and 2011, he served as head coach of the India men’s national team, guiding them to victory in the 2011 ICC Men’s Cricket World Cup. He later took charge of the South Africa men’s national team from 2011 to 2013, during which South Africa rose to become the number one ranked team across all formats.
Most recently, Kirsten worked as a consultant with Cricket Namibia during the ICC Men’s T20 World Cup 2026, further expanding his global coaching footprint.
As a player, Kirsten represented South Africa from 1993 to 2004, amassing 14,087 international runs across Tests and ODIs. His record includes 21 Test centuries and 13 ODI centuries, cementing his reputation as one of South Africa’s most reliable batsmen.
Sri Lanka Cricket has emphasized that Kirsten’s appointment is part of a broader initiative to revamp the National High Performance Center. His primary responsibility will be to prepare and lead the Sri Lanka National Men’s Team in their campaign for the ICC Men’s Cricket World Cup 2027, which will be jointly hosted by South Africa, Namibia, and Zimbabwe.
Cricket
Sri Lanka–Afghanistan Series Postponed Amid Regional Tensions
Sri Lanka Cricket has decided to postpone the upcoming limited-overs series against Afghanistan in the United Arab Emirates due to the current situation in the Middle East, sources confirmed.
The series, which was scheduled to run from March 13 to 25, included three T20 internationals in Sharjah and three ODIs in Dubai. However, growing security concerns following reports of Iranian strikes across parts of the region have forced officials to reconsider travel and hosting arrangements.
Both cricket boards are understood to be in discussions to reschedule the fixtures once conditions improve. The decision comes at a time when Sri Lanka is also focusing on strengthening its domestic fitness programme, with selectors emphasizing that physical readiness will be a key factor in future squad selections.
Cricket
Jayasuriya Hands Over Resignation as Sri Lanka Head Coach
Cricket legend Sanath Jayasuriya has formally handed over his resignation as Head Coach of the Sri Lanka national team, following the side’s disappointing World Cup campaign.
It is learnt, the resignation was submitted on Thursday after discussions with Sri Lanka Cricket (SLC) President Shammi Silva. Jayasuriya, who took charge with hopes of reviving the team’s fortunes, decided to step aside after the tournament’s poor showing.
Despite stepping down, Jayasuriya will remain involved in Sri Lankan cricket. In a significant transition, he has been assigned to lead the High Performance Centre, where he will oversee player development and the broader cricketing structure.
Sri Lanka Cricket has yet to announce a replacement for the head coach role, but officials confirmed that talks are underway to identify a candidate capable of steering the national side forward.
-
Football1 year agoSri Lanka Schools National Championship 2025: Super 8 Fixtures and Grouping
-
News1 year ago2025 Schools Rugby Season Set to Thrill Fans with Knockout and League Action
-
Cricket10 months agoNuwan Thushara Shines as RCB Storms into IPL 2025 Final
-
Live4 years agoLive Broadcast of Syria vs Sri Lanka | AFC U23 Asian Championship Qualification
-
Cricket1 year agoSri Lanka’s Greatest Cricketers: Top Batters and Bowlers of All Time
-
News10 months agoMajor Shake-Up in Sports Governance: New 2025 Regulations Reform National Sports Bodies in Sri Lanka
-
Football1 year agoFFSL Rebrands Division-1 as ‘League-One’ with a Bold New Vision
-
Football10 months agoSri Lanka Announces U19 Football Squad for SAFF Championship 2025


You must be logged in to post a comment Login