Connect with us

News

එක්දින ඉතිහාසයේ පළමු සාර්ථක ලකුණු 300 හඹායාමට වසර 30ක්!!!

Published

on

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලකුණු 300 සීමාව හබායන්නට අදින් වසර 30කට ඉහතදී ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. 1992 වසරේ පැවති බෙන්සන් & හෙජස් ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී මෙම දක්ෂතාවය දක්වමින් වාර්තා පොත් අතරට එක්වන්නට අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තෙවන තරගය ලෙසින් නවසීලන්තයේ නිව්ප්ලයිමවුත්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රි ලංකා නායක අරවින්ද සිල්වා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ වේන් ජේම්ස් හා ඇන්ඩි ෆ්ලවර් සිම්බාබ්වේ ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියහ. සිම්බාබ්වේ ඉනීමට ලකුණු 30ක් එක්වන තැන ආරම්භක පිතිකරු වේන් ජේම්ස් ලකුණු 17කට ක්‍රීඩාගාරයට හරවා යවන්නට වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට හැකිවිය. සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 82ක් තුළ බිදවැටෙද්දී සිව්වන කඩුල්ල වෙනුවෙන් කෙවින් ආනොට් හා ඇන්ඩි ෆ්ලවර් අතරෙහි ලකුණු 87ක සබදතාවක් ගොඩනැගුණි. පන්දු 56කදී ලකුණු 52ක් රැස්කළ කෙවින් ආනොට් දවාගනිමින් එම සබදතාවය නිමා කරන්නට නැවත වරක් ක්‍රියාත්මක වූ ප්‍රමෝද්‍යය සමත් විය.

පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ සිම්බාබ්වේ පිතිකරු ඇන්ඩි වොලර් ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් ප්‍රහාරයක් දියත් කරන්නට විය. ඇන්ඩි ෆ්ලවර් හා ඇන්ඩි වොලර් අතරෙහි පස්වන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 145ක සබදතාවක් ගොඩනැගෙද්දී පන්දු 45කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමගින් වේගවත් නොදැවුනු ලකුණු 83ක් රැස් කරන්නට ඇන්ඩි වොලර් සමත් විය. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ඇන්ඩි ෆ්ලවර් හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 115ක් රැස්කිරීමට සමත් වද්දී මංගල එක්දින ඉනීමේදී ශතකයක් රැස්කළ ලොව තෙවන පිතිකරුවා ලෙසින්ද වාර්තා පොත් අතරට එක්වන්නට ඔහුට හැකිවිය. නියමිත පන්දුවාර 50 අවසානයේදී සිම්බාබ්වේ පිළ කඩුලු 4කට ලකුණු 312ක් රැස්කළ අතර පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා අසංක ගුරුසිංහ කඩුලු 2බැගින් බිදහෙලන්නට සමත් විය.

ලකුණු 313ක ඉලක්කය වෙනුවෙන් ශ්‍රි ලංකා ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේ රොෂාන් මහානාම සමගින් අතුල සමරසේකරයි. සිම්බාබ්වේ පන්දු යවන්නන්ට එරෙහිව ඉතා සාර්ථක ආරම්භයක් ලබාගන්නට ඔවුන් දෙදෙනා සමත්කම් දැක්වූයේ පළමු කඩුල්ලට අගනා ලකුණු 128ක් එක්කරමිනි. පන්දු 61ක් තුළ හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින් අගනා ලකුණු 75ක් රැස්කළ අතුල සමරසේකර ශ්‍රි ලංකා ඉනීමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය. රොෂාන් මහානාම පන්දු 89කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 59ක් රැස්කල අතර අසංක ගුරුසිංහ ලකුණු 5ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය.

ශ්‍රි ලංකා නායක අරවින්ද සිල්වාගේ ඉනීම ලකුණු 14කට නිමාවද්දී ශ්‍රි ලංකා ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 4කට ලකුණු 167ක් ලෙසිනි. අනතුරුව පිටියට එක්වූ සනත් ජයසූරිය පන්දු 23කදී හතරේ පහර හා හයේ පහර 2 බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 32ක් රැස්කළේය. ඉන් අනතුරුව අර්ජුන රණතුංග හා කඩුලු රකින ක්‍රීඩක හෂාන් තිලකරත්න අතර හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සබදතාවක් ගොඩ නැගුනි. හෂාන් ලකුණු 18කට දැවී යද්දී පිටියට එක්වූ රුවන් කල්පගේ ශ්‍රි ලංකා ඉනීමේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 11ක් එක්කරන්නට විය. ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 3ක් අවශ්‍යව තිබියදී රුවන් කල්පගේ දැවී ගිය අතර ශ්‍රි ලංකා ඉනීමේ නියමුවා බවට පත් වූ අර්ජුන රණතුංග හතරේ පහරක් එල්ල කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. ලෝක එක්දින ක්‍රිකට් වංශකතාවේ කණ්ඩායමක් ලකුණු 300ක් හබාගොසින් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසින් මෙම තරගය වාර්තා පොත් අතරට එක්විය. ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළ අර්ජුන රණතුංග පන්දු 61කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවුනු ලකුණු 88ක් රැස්කිරීමට සමත් විය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Inquiry Launched Over Bloomfield’s Controversial Declaration

Published

on

By

Sri Lanka Cricket has moved swiftly to launch an inquiry into Bloomfield Cricket and Athletic Club’s declaration during their Major Super Eight encounter against Moors Sports Club at Colts Grounds. The decision, which has been branded “unsporty” by critics, saw Bloomfield declare at 239 for 6 despite trailing on first innings, leaving Moors a modest chase of 147 runs. Moors completed the task comfortably, winning by four wickets in just 33 overs and reclaiming their place at the top of the table.

The declaration has raised serious questions about the spirit of competition, prompting SLC to summon captains, coaches, managers, and players from both sides for an official hearing this evening. At the heart of the probe lies a crucial issue: was Bloomfield’s move a bold tactical gamble or a breach of cricketing integrity?

With domestic cricket’s credibility now under the spotlight, the outcome of this inquiry could have significant consequences for the game in Sri Lanka, setting a precedent for how declarations and match strategies are judged in the future.

Continue Reading

Cricket

Royal–Thomian One-Day Clash Moved from Night to Day to Counter Fuel Crisis

Published

on

By

The Organizing Committee of the 49th Mustangs Trophy, the prestigious Royal‑Thomian One‑Day Cricket Encounter, has announced a significant change to this year’s fixture. The match, scheduled for 28th March 2026, will now be played as a day event instead of the originally planned day‑night format.

This decision comes in response to the ongoing global fuel crisis, with organizers emphasizing the importance of reducing energy consumption and standing in solidarity with the wider public. By shifting to a daytime schedule, the committee aims to minimize the additional fuel demands typically associated with floodlit matches, reflecting a strong commitment to social responsibility and national interest.

Guidance for this move was provided by the Heads of Royal College and S. Thomas’ College, and the change has been formally endorsed by the 147th Royal‑Thomian Joint Match Organising Committee. Both schools’ Old Boy fraternities, along with sponsors, have expressed full support for the adjustment, underscoring the unity and shared responsibility that define this historic encounter.

The Joint Committee reaffirmed that while the format has changed, the essence of the Mustangs Trophy remains untouched.

Continue Reading

Cricket

KKR Not Seeking Replacements for Matheesha Pathirana

Published

on

By

Kolkata Knight Riders have confirmed they will not seek replacements for Nitish Rana and Matheesha Pathirana ahead of the upcoming IPL season. Rana, who was withdrawn from India’s T20 World Cup squad due to a knee injury, recently underwent surgery and will not be available this year. Over the past two seasons, he had become a reliable pacer for the franchise, taking 19 wickets in IPL 2024 and 15 wickets in IPL 2025, while also adding batting depth to his game. Despite his absence, the management believes the squad has sufficient pace-bowling options and does not see an obvious Indian replacement, with Vaibhav Arora, Umran Malik, Kartik Tyagi, and Akash Deep already in the ranks.

Pathirana, meanwhile, was sidelined due to injury while representing Sri Lanka in the World Cup. However, KKR are optimistic about his recovery and expect him to be available at some stage during the season. The franchise, which invested INR 18 crore to secure his services, is banking on his return to strengthen their death bowling. On Monday, Pathirana’s manager posted a picture of the pacer in KKR colours, raising hopes of his participation.

By choosing not to sign replacements, KKR have signaled confidence in their existing squad depth. While Rana’s absence will test their domestic pace resources, Pathirana’s potential mid-season return could provide a crucial boost, especially in the latter stages of the tournament.

Continue Reading

Trending