අවසන් පූර්ව වටයට පිවිසීම සදහා වන යාපනය-දඹුල්ල තීරණාත්මක තරගය හෙට !!!

March 23, 2022
අවසන් පූර්ව වටයට පිවිසීම සදහා වන යාපනය-දඹුල්ල තීරණාත්මක තරගය හෙට !!!

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට ස්ථිර වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් තුනක් පමණි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන සිව්වන කණ්ඩායම තෝරාගැනීම සදහා වන තීරණාත්මක තරගය හෙට රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ඒ දඹුල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතරයි. තරගාවලියේ මේ වන විටත් කොළඹ, මහනුවර හා ගාල්ල කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

තරගාවලියේ මෙතෙක් පැවති තරග අවසානයේදී වැඩිම ලකුණු ලාභී පිතිකරු ලැයිස්තුවෙහි මුල් ස්ථාන 4ම හිමිකරගැනීමට මහනුවර ක්‍රීඩකයන් සමත් වී ඇත. මහනුවර නායක කමිදු මෙන්ඩිස් ඉනීම 8ක් තුළදී ලකුණු 649ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වද්දී සෙසු ස්ථාන පිළිවෙලින් ඕෂධ ප්‍රනාන්දු, සහන් ආරචිචිගේ, ලහිරු උදාර හා මිනෝද් භානුකට හිමි වී ඇත.

තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා බවට පත්ව ඇත්තේ දඹුල්ල කණ්ඩායමේ දගපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරයි. මලින්ද තරග 3ක් තුළදී කඩුලු 18ක් දවාගැනීමට සමත් වී ඇත. වැඩිම කඩුලු ලාභී ලැයිස්තුවේ සෙසු ස්ථාන පිළිවෙලින් ප්‍රභාත් ජයසූරිය, ලක්ෂිත මානසිංහ, චානක රුවන්සිරි හා කසුන් රාජිතට හිමි වී ඇත.

තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන්
කමිදු මෙන්ඩිස් – 649 (ඉනීම 8)
ඕෂධ ප්‍රනාන්දු – 476 (ඉනීම 8)
සහන් ආරචිචිගේ – 363 (ඉනිම 8)
ලහිරු උදාර – 343 (ඉනීම 8)
මිනෝද් භානුක – 317 (ඉනීම 6)

තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන්
මලින්ද පුෂ්පකුමාර – 18 (ඉනීම 5)
ප්‍රභාත් ජයසූරිය – 15( ඉනීම 6)
ලක්ෂිත මානසිංහ 12 (ඉනීම 4)
චානක රුවන්සිරි – 12 (ඉනීම 6)
කසුන් රාජිත – 11 (ඉනීම 4)

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.