සුබ ගමන් ඩක්සන් !!

February 27, 2022
සුබ ගමන් ඩක්සන් !!

ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලස් අද මාලදිවයිනේ දී අභාවප්‍රාප්ත වූ බවට වාර්තා වී ඇත. මේ බව ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නිළ ෆේස්බුක් පිටුව හරහා නිවේදනය කෙරුණි. සාග් ක්‍රීඩා උළෙල ඇතුළු වැදගත් තරඟාවලි රාශියකදී ආරක්ෂකයෙකු ලෙසින් ශ්‍රී ලංකාවට සිය වගකීම අකුරටම ඉටු කළ ඩක්සන් 2020 වසරේ ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසද අභිෂේක් ලැබූවෙක්.

ශ්‍රී ලංකා පාපන්දු සභාපති, ජස්වර් උමාර් සහ FFSL ඩක්සන් පුස්ලස්ගේ පවුලේ අයට සහ මිතුරන්ට ශෝකය ප්‍රකාශ කොට ඇති අතර මෙම සිදුවීමට හේතුව තවමත් මාධ්‍ය වෙත නිළ වශයෙන් අනාවරණය කොට නොමැත.

සුබ ගමන් ඩක්සන් !!