සනත් හා තර්ජිනී මාලදිවයින් ක්‍රීඩා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි !!!

March 18, 2022
සනත් හා තර්ජිනී මාලදිවයින් ක්‍රීඩා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි !!!

2022 මාලදිවයින් ක්‍රීඩා සම්මාන උළෙලේදී ශ්‍රි ලංකා හිටපු නායක සනත් ජයසූරිය ගෞරවනීය ” ක්‍රීඩා අයිකන(Sports Icon) ” සම්මානයෙන් පිදුම් ලබා ඇත. ශ්‍රි ලංකා හිටපු නායක සනත් ජයසූරිය මෙම සම්මානය දිනාගත්තේ ලොව පුරා සිටින ප්‍රබල ක්‍රීඩකයන් 16දෙනෙකු අතරිනි. මෙම සම්මානයට නිර්දේශ වූ සෙසු ක්‍රීඩකයන් වූයේ හිටපු රියාල් මැඩ්රීඩ් ක්‍රීඩක රොබටෝ කාලොස්, ජැමෙයිකානු ධාවන ශූර අසාෆ පවෙල්, ඉන්දීය හිටපු ක්‍රීඩක සුරේෂ් රයිනා හා නෙදර්ලන්ත පාපන්දු ක්‍රීඩක එඩ්ගාර් ඩේවිඩ්ස්ය.

එමෙන්ම ශ්‍රි ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකා තර්ජිනී ශිවලිංගම්ද මෙම සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන ප්‍රදානය ඊයේ දිනයේ පැවැත්විණි.මෙම අවස්ථාව වෙනුවෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එක් විය. සනත් ජයසූරිය හා තර්ජිනී ශිවලිංගම් වෙත මෙම සම්මානය පිරිනමනු ලැබූයේ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සොල්හ් විසිනි.