ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය නවීඩ් නවාස්ට ??

March 10, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය නවීඩ් නවාස්ට ??

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය නවීඩ් නවාස් වෙත ලබාදීමට සුදානම් වන බවට වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින් ප්‍රධාන පුහුණුකරු ධුරය සදහා පළමු තේරීම වශයෙන් නවීඩ් නවස්ගේ නම යෝජනා කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ මූලාශ්‍රවලට අනුව තාක්ෂණික කමිටුව විසින් පුහුණුකරු ධුරයන්ට අදාල අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ ලැයිස්තුවක් ක්‍රිකට් ආයතනය වෙත යවා ඇත.

” පුහුණුකරුවන්ගේ නම් ලැයිස්තුව අපි මාසයකට ඉහතදී ක්‍රිකට් ආයතනයට භාර දුන්නා. නවීඩ් නවාස් තමයි ප්‍රධාන පුහුණුකරු වශයෙන් අපේ පළමු තේරීම. අපේක්ෂකයන් 23දෙනෙකුගෙන් පැය 12ක් පමණ කාලයක් සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවා. තාක්ෂණික කමිටුවේ සියලු දෙනා ඒකමතිකව නවීඩ් නවාස්ගේ නම යෝජනා කළා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් පුහුණුකරුවෙකු පත් නොකරේ ඇයිද කියල අපි දන්නේ නැ.” යනුවෙන් තාක්ෂණික කමිටු සාමාජිකයෙකු Pakistan Observer වෙබ් අඩවිය වෙත අදහස් දක්වා ඇත.

නවීඩ් නවාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කොට ඇත. මින් පෙර නවීඩ් නවාස් බංග්ලාදේශ වයස අවරුදු 19න් පහල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. 2020 වසරේ පැවති යොවුන් ලෝක කුසලානය දිනාගන්නට බංග්ලාදේශයට හැකිවුයේද නවීඩ් නවාස්ගේ පුහුනුකාරිත්වය යටතේය.