ශ්‍රි ලංකා කණ්ඩායම ආසියානු හොකී සංගම් කුසලාන අවසන් පූර්ව වටයට !!!

March 17, 2022
ශ්‍රි ලංකා කණ්ඩායම ආසියානු හොකී සංගම් කුසලාන අවසන් පූර්ව වටයට !!!

2022 ආසියානු හොකී සංගම් කුසලාන ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. ජකාර්තාහිදී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් පූර්ව තරගය මාර්තු මස 19වනදා පැවැත්වීමට නියමිතය. එම තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වනුයේ අද දිනයේදී පැවැත්වෙන බංග්ලාදේශ – ඕමාන තරගයේ ජයග්‍රාහකයන්ය.

ශ්‍රි ලංකා කණ්ඩායම A කාණ්ඩය යටතේ මූලික වටයේදී තරග වැදිනි. පසුගිය සිකුරාදා දිනයේ උස්බෙකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේදී ගෝල 5-0ක් ලෙසින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. එහිදී ඉෂාන් ගුණවර්ධන ගෝල 2ක් රැස්කළ අතර සදරුවන් ප්‍රියංකර, රජිත කුලතුංග හා උදයශාන් ප්‍රනාන්දු එක් ගෝලය බැගින් වාර්තා කළහ.

තායිලන්තය සමගින් පැවති දෙවන තරගයෙන්ද ගෝල 6-2ක් ලෙසින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවිය. එහිදී ධනංජය බණ්ඩාර ගෝල 2ක්ද සෙසු ක්‍රීඩකයන් වූ කුසල් තිලක්සිරි, B.සුදසිංහ, උදයශාන් ප්‍රනාන්දු හා ලහිරු වීරසූරිය එක් ගෝලය බැගින් රැස්කළහ. තෙවන තරගයේදී කසකස්තාන කණ්ඩායම ගෝල 4-0ක් ලෙසින් පරාජයට පත් කරන්නට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණ ත්‍රිත්ව‍යත් සමගින් A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවිය.

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.