දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසි ඉන්දියාවට !!!

March 13, 2022
දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසි ඉන්දියාවට !!!

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ඊයේ දිනයේදී ආරම්භ විය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය බැංගලෝර්හිදී පැවැත්වෙන අතර ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගය බවටද මෙම තරගය පත් විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන්ට තරමක වාසි සහගත ස්වභාවයක් දක්නට ලැබුණු බැංගලෝර් තණතීරුවේදී ඉන්දීය පළමු ඉනීම ලකුණු 252කට සීමා විය. ඉන්දීය ඉනීම පුරාවට වාර්තා වූ එකම අර්ධ ශතකයේ හිමිකරුවා වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 98ක් තුළ හතරේ පහර 10ක් හා හයේ පහර 4ක් එල්ල කරමින් අගනා ලකුණු 92ක් රැස්කිරීමට සමත් විය. ඉන්දීය ඉනීමේ අවසන් කඩුල්ල ලෙසින් ඔහු දැවී ගියේ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වීමෙනි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රිෂාබ් පාන්ට් වේගවත් ලකුණු 39ක් හා හනුමා විහාරි ලකුණු 31ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රි ලංකා දගපන්දු යුගලය වූ ලසිත් ඇඹුල්දෙණිය හා ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් බිදහෙලන්නට සමත් විය. ශ්‍රි ලංකා පන්දු රකින්නගේ දුර්වල පන්දු රැකීම ඊයේ දිනයේදීද තරමක් දුරට දැකගත හැකිවිය.

සිය පළමු ඉනීම ඇරඹූ ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් තිදෙනාම අඩු ලකුණු ගණනක් තුළ ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. ධනංජය හා චරිත්ගේ ඉනීමද මුලු ලකුණු සංඛ්‍යාව 50ක් විට නිමාවට පත් විය. තණතීරුවේ ස්වභාවය හදුනාගනිමින් ශ්‍රි ලංකා ඉනීම ගොඩනගන්නට හුදකලා ඉනීමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිවුස් හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 43ක් රැස්කොට සිටියදී ජස්ප්‍රිට් බුම්‍රා හමුවේ දැවීගියේය. ඊයේ දිනයට තරගය නතර කරන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 86ක් රැස්කොට සිටියහ. නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 13ක් රැස්කොට සිටියි.

ඉන්දීය පළමු ඉනීම : 252/10
ශ්‍රෙයාස් අයියර් 92, රිෂාබ් පාන්ට් 39, හනුමා විහාරි 31
ලසිත් ඇඹුල්දෙණිය 3/94, ප්‍රවීන් ජයවික්‍රම 3/81, ධනංජය ද සිල්වා 2/32

ශ්‍රි ලංකා පළමු ඉනීම : 86/6
ඇන්ජලෝ මැතිවුස් 43, නිරෝෂන් දික්වැල්ල* 13
ජස්ප්‍රිට් බුම්‍රා 3/15, මොහොමඩ් ශාමි 2/18

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.