ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා සහ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී මෙරටට

August 6, 2023
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා සහ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී මෙරටට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා සහ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා ඇතුළු තිදෙනෙකු විමර්ෂණ කටයුතු කිහිපයක් සඳහා මෙරටට පැමිණ ඇත.

ICC දූෂණ මර්දන ප්‍රධානියා ඇතුළු පිරිස මේවනවිට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නැවතී සිටින අතර, 6 වැනිදා විමර්ශන කටයුතු කිහිපයක් සිදු කරනු ලැබීය.

ඒ අනුව ICCය විසින් වසර 6ක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා විමර්ෂණයට කැඳවා ඇති අතර, තවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කිහිපදෙනෙකු ද හමුවීමට ICC වංචා සහ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරින් බලාපොරොත්තුව විය.