ගාල්ල කණ්ඩායමේ සංගීත් හා පබසරගෙන් ද්විත්ව ශතක සබදතාවක් !!!

March 20, 2022
ගාල්ල කණ්ඩායමේ සංගීත් හා පබසරගෙන් ද්විත්ව ශතක සබදතාවක් !!!

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් තෙවන දිනටත් ඊයේ දිනයේදී පැවැත්විණි. මෙම තරග ද්විත්ව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හා සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

යාපනය ගාල්ල තරගය
යාපනය කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් රැස්කළ ලකුණු 254ට පිළිතුරු ලෙසින් ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට ගාල්ල කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 113ක් රැස්කොට සිටියහ. සංගීත් කුරේ හා පබසර වඩුගේ එක්ව පළමු කඩුල්ලට අගනා ද්විත්ව ශතක සබදතාවක් ගොඩනගන්නට විය. ලකුණු සංඛ්‍යාව 208ක්ව තිබියදී පබසර වඩුගේ ලකුණු 108කට දැවියද්දී අනතුරුව හෂාන් දුමිදු හා එක්ව තෙවන කඩුල්ලට තවත් ලකුණු 95ක් එක් කරන්නට සංගීත් කුරේට හැකිවිය. ආරම්භක පිතිකරු සංගීත් කුරේ හතරේ පහර 13ක් සමගින් ලකුණු 160ක් රැස්කළ අතර හෂාන් දුමිදු ලකුණු 54ක් රැස්කිරීමට සමත් විය. ගාල්ල කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 444ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. සුමින්ද ලක්ෂාන්ද ලකුණු 57ක් ගාල්ල ඉනීමට එක් කළ අතර යාපනය කණ්ඩායම වෙනුවෙන් ශෂික දුල්ෂාන් කඩුලු 4ක් හා ජනිත් ලියනගේ කඩුලු 3ක් බිදහෙලීය. තුන්වන දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනීම ඇරඹූ යාපනය කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 43ක් රැස්කොට සිටියහ.

යාපනය පළමු ඉනීම : 254/10 (83.5)
නුවන් ප්‍රදීප්* 37, නවෝද් පරණවිතාන 34, නිෂාන් මදුෂ්ක 29
සුමින්ද ලක්ෂාන් 4/28, දිල්ෂාන් මධුසංඛ 3/51 චලන ද සිල්වා 2/72

ගාල්ල පළමු ඉනීම : 444/9d (114.5)
සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, සුමින්ද ලක්ෂාන් 57, හෂාන් දුමිදු 54
ශශික දුල්ෂාන් 4/146, ජනිත් ලියනගේ 3/53, ඉෂාන් ජයරත්න 1/57

යාපනය දෙවන ඉනීම : 43/0 (12)
නවෝද් පරණවිතාන* 22, නිෂාන් මදුෂ්ක* 21

මහනුවර දඹුල්ල තරගය
මහනුවර කණ්ඩායම සිය පළමු ඉනීමට රැස්කළ ලකුණු 446ට පිළිතුරු ලෙසින් ඊයේ දිනයේදී තරගය ආරම්භ කරන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 3කට ලකුණු 77ක් රැස්කොට තිබුණි. දඹුල්ල ඉනීමට තවත් ලකුණු 77ක් එක්වද්දී මිනෝද් භානුක ලකුණු 71කට දවාගැනීමට කමිල් මිෂාරට හැකිවිය. ලහිරු සමරකෝන් පන්දු 50ක් තුළ ලකුණු 42ක් රැස්කළ අතර නායක අශාන් ප්‍රියංජන් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය.අනික් පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම නිසාවෙන් දඹුල්ල පළමු ඉනීම ලකුණු 216කදී නිමාවට පත් විය.පන්දු යැවීමේදී අශේන් ඩැනියෙල් කඩුලු 5ක්ද අසිත ප්‍රනාන්දු කඩුලු 4ක්ද දවාගැනීමට සමත් විය. සිය දෙවන ඉනීම ඇරඹූ මහනුවර කණ්ඩායම ඊයේ දිනය නිමාවට පත් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 134ක් රැස්කොට සිටියි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කළ අතර නායක කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 36ක් රැස්කොට ඇත.

මහනුවර පළමු ඉනීම : 446/10 (128.5)
ඕෂධ ප්‍රනාන්දු 97, කමිදු මෙන්ඩිස් 94, ලහිරු උදාර 83, කමිල් මිෂාර 74
මලින්ද පුෂ්පකුමාර 7/120, ලහිරු සමරකෝන් 1/59

දඹුල්ල පළමු ඉනීම : 216/10 (60)
අශාන් ප්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ලහිරු සමරකෝන් 42
අශේන් ඩැනියෙල් 5/75, අසිත ප්‍රනාන්දු 4/39

මහනුවර දෙවන ඉනීම : 134/3 (34)
ඕෂධ ප්‍රනාන්දු 63, කමිදු මෙන්ඩිස්* 36
ලහිරු සමරකෝන් 1/16