Connect with us

News

කොදෙව් එංගලන්ත පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි !!!

Published

on

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඇන්ටිගුවාහි සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත නායක ජෝ රූට් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල්පෙල කඩුලු 4ක් ලකුණු 48ක් තුළ දැවී යද්දී ඉනීමේ වගකීම කරටගත් ජොනී බෙයාස්ටෝ විශිෂ්ඨ ශතකයක් රැස් කළේය. බෙයාස්ටෝ සමගින් එක්ව එංගලන්ත ඉනීම සවිමත් කරන්නට බෙන් ස්ටෝක්ස් හා බෙන් ෆෝක්ස්ට හැකිවද්දී පළමු දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 268ක් එංගලන්ත ලකුණු පුවරුවේ දිස්විය. දෙවන දිනයේ පළමු අර්ධය තුළදී එංගලන්ත පළමු ඉනීම ලකුණු 311කදී නිමාවට පත් විය. විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළ ජොනී බෙයාස්ටෝ හතරේ පහර 21ක් සමගින් ලකුණු 140ක් රැස්කිරීමට සමත් විය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේඩ්න් සීල්ස් ලකුණු 79ට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සාර්ථක ආරම්භක් ලබාගනිමින් පළමු කඩුල්ලට ලකුණු 83ක් එක් කළහ. නායක ක්‍රෙග් බ්‍රැත්වේට් ලකුණු 55ක් රැස්කළ අතර කොදෙව් ඉනීමේ නැංගුරම බවට පත් වූ නකුම්රා බෝනර් අගනා ශතකයකින් කොදෙව් ඉනීම හැඩ කළේය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආවේණික පිතිකරණ විලාශයක් පෙන්නුම් කළ කොදෙව්වන් සිව්වන දිනයේ පළමු අර්ධය තෙක් සිය පළමු ඉනීම ක්‍රීඩා කළහ. ඔවුන් පන්දුවාර 157 පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 375ක් රැස්කිරීමට සමත් විය. නකුම්රා බෝනර් හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 123ක් රැස්කළ අතර ජේසන් හෝල්ඩර් ලකුණු 45කින් කොදෙව් ඉනිම සවිමත් කළේය.

ලකුණු 64ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනීම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 24කදී බිද වැටුනද දෙවන කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතක සබදතාවක් ගොඩනගන්නට රූට් හා ක්‍රව්ලිට හැකිවිය. ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි හතරේ පහර 16ක් සමගින් ලකුණු 121ක්ද නායක ජෝ රූට් හතරේ පහර 6ක් සමගින් ලකුණු 109ක්ද රැස්කිරීමට සමත් විය. තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී කඩුලු 6ක් දැවී ලකුණු 349ක් රැස්කොට සිටියදී සිය දෙවන ඉනීම අත්හිටුවීමට එංගලන්ත නායකයා තීරණය කළේය. එංගලන්ත කණ්ඩායමේ දෙවන ඉනීමේ කඩුලු 3ක් දවාගැනීමට අල්සාරී ජෝසප්ට හැකිවිය.

ලකුණු 286ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 68ක් තුළ බිදවැටුනි. අනතුරුව නකුම්රා බෝනර් හා ජේසන් හෝල්ඩර් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට වගබලාගත්හ. ඒ අනුව අවසන් දිනය වූ ඊයේ දිනය නිමාවට පත්වන විට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 147ක් කොදෙව් දෙවන ඉනීම ඉදිරියේ සටහන් විය. නකුම්රා බෝනර් ලකුණු 38ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 37ක් නොදැවී රැස්කරද්දී ජැක් ලීච් එංගලන්තය වෙනුවෙන් කඩුලු 3ක් දවාගත්තේය.

එංගලන්ත පළමු ඉනීම : 311/10
ජොනී බෙයාස්ටෝ 140, බෙන් ෆෝකස් 42, බෙන් ස්ටෝක්ස් 36
ජේඩ්න් සීල්ස් 4/79, ජේසන් හෝල්ඩර් 2/24, අල්සාරී ජෝසප් 2/70

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනීම : 375/10
නකුම්රා බෝනර් 123, ක්‍රෙග් බ්‍රැත්වේට් 55, ජේසන් හෝල්ඩර් 45
බෙන් ස්ටෝක්ස් 2/42, ජැක් ලීච් 2/79, ක්‍රෙග් ඕවර්ටන් 2/85

එංගලන්ත දෙවන ඉනීම : 349/6d
සැක් ක්‍රව්ලි 121, ජෝ රූට් 109, ඩෑන් ලෝරන්ස් 37
අල්සාරී ජෝසප් 3/78, කෙමාර් රෝච් 2/53

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනීම : 147/4
නකුම්රා බෝනර්* 38, ජේසන් හෝල්ඩර්* 37
ජැක් ලීච් 3/57

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Pakistan Lines Up England, Sri Lanka for ODI Tri-Series Later This Year

Published

on

By

Pakistan is preparing to host an ODI tri-series featuring England and Sri Lanka in October–November, adding another major event to an already packed international calendar.

Officials familiar with the discussions say both visiting boards have signaled their willingness to participate. Sri Lanka Cricket has conveyed its confirmation during coordination talks around the upcoming tour, while the England and Wales Cricket Board has also agreed to be part of the tournament. Match dates and venues are expected to be announced soon.

Sri Lanka’s visit is likely to begin with a short T20I series against Pakistan, serving as a prelude to the tri-nation ODI competition. Beyond the limited-overs contests, the tour will extend into the red-ball format, with a two-Test series included under the International Cricket Council World Test Championship 2025–27.

The tentative itinerary places the T20Is in October, followed by the ODI tri-series, and concluding with Test matches in November.

Pakistan heads into these fixtures with momentum in multi-team tournaments, having secured two T20 tri-series titles last year—one in the UAE and another on home soil, where they defeated Sri Lanka in the final.

Prior to the home season, Pakistan will be engaged in Test cricket against Bangladesh. The two-match series, also part of the World Test Championship, will be played across Dhaka and Sylhet in May.

With Shan Masood leading the side, selectors have included several uncapped players in the squad, indicating a focus on building depth as Pakistan approaches a demanding stretch of international assignments.

Continue Reading

News

Negombo Gears Up for “Run for Hope” as Community Spirit Takes Center Stage

Published

on

By

Negombo is preparing to host a vibrant and purpose-driven community event later this month, as Run for Hope arrives on May 23rd with a message that reaches far beyond the track.

Scheduled to begin at 6:00 AM at Kotuwa Grounds, the event is expected to draw participants from across the region, blending athletic enthusiasm with a shared commitment to social impact. Organizers say the run is designed to be inclusive, welcoming everyone from competitive runners to casual walkers and families looking to support a meaningful cause.

The initiative is led by the Voice Foundation, a group focused on empowering vulnerable communities. Through Run for Hope, the foundation aims to shine a spotlight on the challenges faced by single mothers while promoting supportive alternatives and long-term solutions through awareness and outreach programs.

This upcoming event follows a successful run earlier this year in Kandy, where strong participation and community backing highlighted the growing momentum behind the campaign. Organizers believe the Negombo edition will further expand that reach, bringing new voices and supporters into the movement.

In addition to the run itself, careful planning has gone into ensuring participant safety and comfort. Hydration points, volunteer assistance, and medical support will be available throughout the course, creating a well-organized and welcoming environment.


Local businesses, media partners, and volunteers have also joined hands to support theinitiative, reinforcing the idea that collective action can lead to meaningful change. The event is not only about physical endurance but also about raising awareness and encouraging compassion within society.

Registrations remain open, and organizers encourage early sign-ups as interest continues to grow. Participants and supporters can obtain more information via WhatsApp by contacting 077 251 2374 or 077 861 2374.

Continue Reading

Cricket

Sri Lanka to Begin Caribbean Tour with ODI Series in June 2026

Published

on

By

The Sri Lanka national cricket team is set to embark on a full tour of the West Indies cricket team in June and July 2026, featuring a complete schedule across all three formats of the game.

The tour will open with a three-match One Day International (ODI) series at the renowned Sabina Park. The first ODI is scheduled for June 3, followed by the second on June 6 and the final match on June 8. These opening fixtures are expected to set the tone for the remainder of the tour.

Attention will then shift to the shorter format, with three Twenty20 Internationals (T20Is) also taking place at Sabina Park. The matches are set for June 11, June 13, and June 14, offering fans a fast-paced contest between the two sides.

Sri Lanka will then travel to Antigua for a four-day warm-up game from June 18 to 21 at the Coolidge Cricket Ground. This match will serve as preparation for the longer format of the game.

The two-match Test series will be held at the Sir Vivian Richards Stadium. The first Test is scheduled from June 25 to 29, while the second Test will take place from July 3 to 7.

Schedule

  • June 3 – First ODI at Sabina Park
  • June 6 – Second ODI at Sabina Park
  • June 8 – Third ODI at Sabina Park
  • June 11 – First T20I at Sabina Park
  • ⁠June 13 – Second T20I at Sabina Park
  • ⁠June 14 – Third T20I at Sabina Park
  • ⁠June 18–21 – Four-day warm-up match at Coolidge Cricket Ground
  • ⁠June 25–29 – First Test at Sir Vivian Richards Stadium
  • ⁠July 3–7 – Second Test at Sir Vivian Richards Stadium
Continue Reading

Trending