කාන්තා IPL තරගාවලිය එළඹෙන වසරේ සිට !!!

March 26, 2022
කාන්තා IPL තරගාවලිය එළඹෙන වසරේ සිට !!!

2023 වසරේ සිට කාන්තා IPL තරගාවලියක් පැවැත්වීමට තීරණය කොට ඇත. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සෞරව් ගංගුලි මහතා ඊයේ දිනයේදී මේ බව තහවුරු කොට ඇත. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය වසර කිහිපය තුළ Womens T20 Challenge තරගාවලිය පැවැත්වුවද එහි තරග ගණන ඉතා අල්ප විය.

එළඹෙන වසරේ ඇරඹන කාන්තා IPL තරගාවලියට කණ්ඩායම් 5ක් හෝ 6ක් එක් කොට ගැනීමට සැලසුම් කොට ඇත. මෙම කණ්ඩායම් වල හිමිකාරීත්වය ලබාගැනීමේ අවස්ථාව පළමුව IPL පිරිමි තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන්ට ලබාදීමට නියමිත බවද වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට පිරිමි IPL තරගාවලියෙහි කණ්ඩායම් හිමිකාරීත්වය දරණ සිව්දෙනෙකු පමණ කාන්තා IPL කණ්ඩායම් මිළදී ගැනිම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් විමසා ඇත. එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලිය පූනේහිදී පැවැත්වෙනු ඇතැයි විදෙස් වාර්තා වල සදහන්ය