Sri Lanka’s Commendable Performances at the Asian Games
Media Release by the Minister of Sports on Sri Lanka’s Commendable Performances at the Asian Games
I was privileged to visit ‘Team Sri Lanka’ at the Athletes Village of the 19th Asian Games in Hangzhou and personally congratulate the medallists. I told the athletes that I bring along with me the heartfelt congratulations of all Sri Lankans around the world with His Excellency President Ranil Wickramasinghe in acknowledgment of the honor and glory they brought to Mother Lanka.
The young prodigy, Tharushi Karunarathna, at just 18 years, became Sri Lanka’s youngest-ever gold medallist at the Asian Games, Commonwealth Games, and Olympic Games. Her gold is the first ever won in 800m at the Asian Games. Similarly, Nadeesha Lekamge’s silver in the Javelin Throw is the first-ever medal won in a throwing event. Thus, these achievements of the two individual athletes are unique for Sri Lanka in the 72-year history of the Asian Games since 1951.
I met with Tharushi Karunarathna who won the individual gold and anchored the 4x400m relay team to secure the bronze along with her coach Mr. Susantha Fernando, who accompanied her to the Asian Games following her success at the Asian Athletics Championships. They shared their success story with me and appreciated the momentous and timely contributions made towards the journey of the athlete.
I also spoke to Nadeesha Lekamge, the winner of the silver medal in javelin throw who reached her Personal Best and established a new Sri Lanka National Record. I met both the men and women relay teams that comprised Aruna Darshana, Pabasara Niku, Rajitha Rajakaruna, Kalinga Kumarage, Dinuka Deshan, and Lakshan Kodikara as well as Nadeesha Ramanayake, Sayuri Mendis, Jayeshi Uththara and Tharushi Karunarathna who secured bronze medals in 4x400m relays.
The Women’s Cricket team that won the silver medal returned home earlier on completion of the competition and I had earlier congratulated the Team that comprised Chamari Athapattu (Captain), Kalhari Kulasooriya, Harshitha Samarawickrama, Inoka Ranaweera, Oshadhi Udeshika, Nilakshi de Silva, Sugandika Dassanayake, Anushka Sanjeewani, Kaveesha Dilhari, Vishmi Gunaratne, Inoshi Fernando, Imesha Dulani, Hasini Perera, Kaushini Seneviratne, and Prabodhini Udeshika.
The ‘Team Sri Lanka’ felt that the contributions made by the key stakeholders towards a ‘team effort’ would surely have contributed to achieving success at these games.
At the ‘Athletes Village,’ I personally congratulated the Medical Team headed by Professor Chathuranga Ranasinghe and comprised of Dr. C. A. Edirisinghe and Messrs R. P. H. P. Perera, U. G. S. K. Rukkatthandeniya, K. R. Wijesinghe and Mrs. H. N. Damayanthi in appreciation of the significant role they played at the games.
I also expressed my sincere appreciation to the Chef De Mission, Mr. Nishanthe Piyasena, Deputy Chef De Mission, Reshika Udugampola, the Headquarters Team, Officials, Managers, Coaches, and supporting teams.
We spent considerable time with the ‘Team Sri Lanka’ at the ‘Athletes Village’ sharing the experience of the medallists as well as the coaches who have worked day and night to get these results and special appreciation should go to the Chairman of the National Selection Committee, Gen. Shavendra Silva Secretary Arjun Fernando and the team, National Sports Council Chairman Arjuna Ranathunga and the committee, National Olympic Committee President Suresh Subramanium, Secretary General Maxwell de Silva and staff. Also, all the Sports Federations who contributed to this victory the Director General of the Department of Sports Development the Secretary, and the team of the Ministry.
Most importantly, I would extend my heartfelt appreciation and gratitude to the parents who have shed sweat and blood through day and night to showcase the best of these athletes.
Finally, to all the team members who participated to bring glory to our Motherland I’d like to say, take all the courage and work a little bit more to achieve your full potential and achieve medals for yourselves and Mother Lanka.
We also attended the spectacle Closing Ceremony at the Hangzhou Olympic Sports Centre Stadium in order to inspire ‘Team Sri Lanka’ after their splendid performance.
Sri Lanka’s rich haul of five medals at Hangzhou – one gold (800m Women), two silver (Javelin Throw Women and T20 Cricket Women) and two Bronze (4x400m Relays Men and Women) is the best achievement by the country in 21 years since Busan 2002 Asian Games and augurs well for the future of sports in Sri Lanka.
Roshan Ranasinghe, M. P.,
Minister of Sports and Youth Affairs
ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව දැක් වූ ප්‍රශංසනීය දස්කම් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පළකළ මාධ්‍ය නිවේදනය
හැංෂෝ හි පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ගම්මානයේ සිටි ‘ශ්‍රී ලංකා කණ්ඩායම’ වෙත ගොස් පදක්කම්ලාභීන්ට පෞද්ගලිකව සුබ පැතීමට මට අවස්ථාවක් ලැබිණි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමතමින් මා ප්‍රකාශ කළේ, ඔවුන් ලංකා මාතාවට ගෙන ආ ගෞරවය සහ කීර්තිය අගයමින් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ලොව පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ හෘදයාංගම සුභාශිංසන මා විසින් ගෙන එන බවයි.
ලාබාල තරුෂි කරුණාරත්න, අවුරුදු 18 තරම් වයසක දී, ආසියානු ක්‍රීඩා, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සහ ඔලිම්පික් ක්‍රීඩා ආදී උළෙලවල දී ශ්‍රී ලංකාවේ ලාබාලතම රන් පදක්කම්ලාභිනිය බවට පත්වූවාය. ඇයගේ රන් පදක්කම ආසියානු ක්‍රීඩා උළෙලක දී මීටර් 800 ඉසව්වෙන් දිනාගත් පළමු රන් පදක්කම වේ. එමෙන්ම හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නදීෂා ලේකම්ගේ ගේ රිදී පදක්කම විසිකිරීමේ ඉසව්වකින් දිනාගත් පළමු පදක්කම වේ. මේ අනුව බලන කල 1951 වසරේ සිට වූ වසර 72ක ආසියානු ක්‍රීඩා ඉතිහාසයෙහි කේවල ක්‍රීඩිකාවන් දෙදෙනාගේ මෙම ජයග්‍රහණ ශ්‍රී ලංකාවට සුවිශේෂී වේ.
කේවල රන් පදක්කම දිනාගෙන සිටි සහ මීටර් 4×400 සහය දිවීමේ කණ්ඩායමට ලෝකඩ පදක්කම ලබා ගැනීමට පුලපුලා බලා සිටි තරුෂි කරුණාරත්න සමග ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ජයග්රහණයෙන් පසු ඇගේ සාර්ථකත්වය අනුව ඇයව ආසියානු ක්‍රීඩා උළෙලට කැඳවාගෙන පැමිණි ඇගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතා ද මට හමු විය. ඔවුන් ඔවුන්ගේ සාර්ථකත්වයේ කතාන්තරය මා සමඟ ප්‍රකාශ කළ අතර මලල ක්‍රීඩා ගමන්මග උදෙසා දක්වන ලද භාරදූර හා කාලීන දායකත්වය පිළිබඳ මා අගය කළෙමි.
හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වූ සහ නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිට වූ රිදී පදක්කම්ලාභී නදීෂා ලේකම්ට ද කතා කළෙමි. මීටර් 400×4 සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වූ සහාය සිවීමේ කණ්ඩායමේ ක්‍රීඩකයින් වන අරුණ දර්ශන, පබසර නිකු, රාජිත රාජකරුණා, කාලිංග කුමාරගේ, දිනුක දේශාන් සහ ලක්ෂාන් කොඩිකාර මෙන්ම ක්‍රීඩිකාවන් වන නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා සහ තරුෂි කරුණාරත්න යන දෙපිරිසම හමු විය.
චමරි අතපත්තු (නායිකා), කල්හාරි කුලසූරිය, හර්ෂිතා සමරවික්‍රම, ඉනෝකා රණවීර, ඕෂධී උදේශිකා, නිලක්ෂී ද සිල්වා, සුගන්ධිකා දසනායක, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, විෂ්මි ගුණරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, කෞෂනී සෙනෙවිරත්න සහ ප්‍රබෝදිනී උදේශිකා යන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම රිදී පදක්කම දිනා තරග නිමවීමෙන් අනතුරුව නිවෙස් කරා පැමිණි අතර ඊට පෙර ඔවුන්ට සුබ පැතීමට මා හට හැකි විය.
‘කණ්ඩායම් ප්රයත්නයක්’ උදෙසා ප්‍රධාන පාර්ශවකරුවන් විසින් දක්වන ලද දායකත්වය හේතුවෙන් ‘ශ්‍රී ලංකා කණ්ඩායම’ මෙම ක්‍රීඩා උළලේ දී නිසැකවම සාර්ථකත්වය ළඟා කර ගැනීමට සමත් වී ඇත.
තරගවල දී දක්වන ලද සුවිශේෂී කාර්යභාරය අගයකරමින් මහාචාර්ය චතුරංග රණසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් සී.ඒ. එදිරිසිංහ සහ ආර්.පී.එච්.පී. පෙරේරා, යූ.ජී.එස්.කේ. රුක්කත්තන්දෙණිය, කේ.ආර්. විජේසිංහ සහ එච්.එන්. දමයන්ති යන වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය කණ්ඩායමට ‘මලල ක්‍රීඩා ගම්මානයේ’ දී මා පෞද්ගලිකව සුබ පැතුවෙමි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිශාන්ත පියසේන මහතා, උප ප්‍රධානියා ලෙස කටයුතු කළ රේශිකා උඩුගම්පොළ, මූලස්ථාන කණ්ඩායම, නිලධාරීන්, කළමනාකරුවන්, පුහුණුකරුවන් සහ සහාය කණ්ඩායම් වෙත මාගේ කෘතඥ පූර්වක ස්තුතිය පුද කරමි.
මලල ක්‍රීඩා ගම්මානයේ දී ‘ශ්‍රී ලංකා කණ්ඩායම’ සමඟ පදක්කම්ලාභීන්ගේ අත්දැකීම් බෙදා හදා ගනිමින් මෙන්ම මෙම ප්‍රතිඵලය ළඟා කරගැනීමට දිවා රෑ නොබලා වෙහෙස වූ පුහුණුකරුවන් සමඟ ද සැලකිය යුතු කාලයක් ගත කළ අතර ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සහාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ලේකම් අර්ජුන් ප්‍රනාන්දු මහතා ඇතුළු එම කණ්ඩායමට ද, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග මහතා ඇතුළු කමිටුවට ද, ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට ද, ලේකම් ජනරාල් මැක්ස්වෙල් ද සිල්වා මහතා සහ සේවක පිරිසට ද විශේෂයෙන් ස්තුති කළ යුතුය. තවද. මෙම ජයග්‍රහණය සඳහා දායක වූ සියලුම ක්‍රීඩා සම්මේලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශයීය නිලධාරී පිරිසට ද ස්තුති කරමි.
විශේෂයෙන්ම, මෙවැනි හොඳම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට දිවා රෑ නොබලා දහඩිය සහ රුධිරය වැගිරූ ඔවුගේ දෙමාපියන්ට මගේ හෘදයාංගම ස්තුතිය සහ කෘතඥතාව පළ කර සිටිමි.
අවසාන වශයෙන්, මා අපගේ මාතෘ භූමියට මෙම කීර්තිය ගෙන ආ සියලුම කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන්ට කීමට කැමතියි; ඔබගේ සියලු ධෛර්යය ගනිමින් මෙවැනි පදක්කම් ඔබට සහ ඔබගේ මාතෘ භූමියට රැගෙන ඒමට තම උපරිම හැකියාව පෙන්වමින් ඉදිරියටත් කටයුතු කරන ලෙස.
ඔවුන්ගේ විශිෂ්ට දස්කම්වලින් අනතුරුව, ‘ශ්‍රී ලංකා කණ්ඩායම’ දිරිමත් කිරීම උදෙසා අපි හැංෂෝ හි ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ පැවති සමාප්ති උත්සවයට ද සහභාගී වී නැරඹුවෙමු.
හැංෂෝ හි දී රන් පදක්කම් එකක් (කාන්තා මීටර් 800), රිදී පදක්කම් දෙකක් (කාන්තා හෙල්ල විසි කිරීම සහ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්) සහ ලෝකඩ පදක්කම් දෙකක් (මීටර් 400×4 සහාය දිවීම පිරිමි සහ කාන්තා) ලෙස ශ්‍රී ලංකාව පදක්කම් පහක් දිනා ගැනීමට සමත් වූ අතර මෙය බූසාන් හි පැවති ආසියානු ක්‍රීඩා උළලෙන් වසර 21කින් අනතුරුව ශ්‍රී ලංකාව ලැබූ හොඳම ජයග්‍රහණය වේ. මෙයින් ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩාව පිළිබඳ සුබ පෙරනිමිති පළ කරනු ලබයි.