Russian Football Federation about to leave from UEFA

December 30, 2022
Russian Football Federation about to leave from UEFA

It is reported that the Russian Football Association is preparing to hold a special meeting on Friday, today. Media reports have stated that in this executive committee meeting to be held today, they will be discussing to leave from the European Football Confederation and joining the Asian Football Confederation.

Following Russia’s invasion of Ukraine, FIFA and UEFA decided to ban all Russian football clubs and the national team. The suspension continues due to the ongoing conflict between Ukraine and Russia

A meeting was held in Moscow on December 23 to discuss the possibility of joining the Asian Football Confederation and a final decision will be taken by the executive committee on Friday, sports sources said.

Sources said that the European Football Confederation is keeping an eye on the decision that Russia is about to make and is waiting for Russia to clarify its position. Russia is one of UEFA’s 55 full-member associations and was banned as a result of its invasion of Ukraine. No country has ever resigned from UEFA before and there has been intense international talk about this decision by Russia.

රුසියානු පාපන්දු සම්මේලනය UEFA වෙතින් ඉවත් වීමට සූදානම් වේ

රුසියානු පාපන්දු සංගමය සිකුරාදා එනම් අද දිනයේදී සුවිශේෂී රැස්වීමක් පැවැත්වීමට සූදානමින් පසුවන බවට වාර්තා වෙයි. අද දිනයේදී පැවැත්වීමට නියමිත මෙම විධායක කමිටු රැස්වීමේදී යුරෝපා පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා අස්වී ආසියානු පාපන්දු සම්මේලනයට එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවට මාධ්‍ය වාර්තා සදහන් කොට ඇත.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව සියලුම රුසියානු පාපන්දු සමාජයන්ට සහ ජාතික කණ්ඩායමට FIFA සහ UEFA විසින් තහනමක් පැණවීමට තීරණය කළහ. යුක්‍රේනය හා රුසියාව අතර ගැටුම් දිගින් දිගටම පැවතීම හේතුවෙන් මෙම අත්හිටුවීම තවදුරටත් ක්‍රියාත්මක වෙයි

ආසියානු පාපන්දු සම්මේලනයට සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙසැම්බර් 23 වැනි දින මොස්කව්හිදී රැස්වීමක් පැවැත්වුණු අතර සිකුරාදා එනම් අද දිනයේදී විධායක කමිටුවේදී අවසන් තීරණයක් ගනු ඇතැයි ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කර ඇත.

රුසියාව විසින් ගැනීමට සූදානම් වන මෙම තීරණය සම්බන්ධයෙන් යුරෝපා පාපන්දු සම්මේලනය අවදානයෙන් සිටින අතර රුසියාව සිය ස්ථාවරය පැහැදිලි කරන තෙක් බලා සිටින බව ආරංචි මාර්ග පවසා ඇත. රුසියාව UEFA හි පූර්ණ සාමාජික සංගම් 55 න් එකක් වන අතර යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවට තරග තහනමක් පැණවුණි. මින් පෙර කිසිදු රටක් UEFA වෙතින් ඉල්ලා අස්වී නොමැති අතර රුසියාව විසින් ගැනීමට සූදානම් වන මෙම තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තුළ දැඩි කතාබහක් ගොඩනැඟී ඇත.

UEFA இலிருந்து ரஷ்ய கால்பந்து கூட்டமைப்பு வெளியேற உள்ளது

ரஷ்ய கால்பந்து சம்மேளனம் இன்று வெள்ளிக்கிழமை விசேட கூட்டமொன்றை நடத்த தயாராகி வருவதாகத் தெரிவிக்கப்படுகிறது. இன்று நடைபெறவுள்ள இந்த செயற்குழு கூட்டத்தில் ஐரோப்பிய கால்பந்து சம்மேளனத்தில் இருந்து விலகி ஆசிய கால்பந்து கூட்டமைப்பில் இணைவது குறித்து ஆலோசிக்கப்படும் என ஊடகங்கள் செய்தி வெளியிட்டுள்ளன.

உக்ரைன் மீதான ரஷ்யாவின் படையெடுப்பைத் தொடர்ந்து, அனைத்து ரஷ்ய கால்பந்து கிளப்புகளையும் தேசிய அணியையும் தடை செய்ய FIFA மற்றும் UEFA முடிவு செய்தன. உக்ரைனுக்கும் ரஷ்யாவுக்கும் இடையே நிலவும் மோதல் காரணமாக இந்த இடைநீக்கம் தொடர்கிறது

ஆசிய கால்பந்து கூட்டமைப்பில் இணைவது குறித்து ஆலோசிக்க டிசம்பர் 23-ம் தேதி மாஸ்கோவில் கூட்டம் நடைபெற்றதாகவும், வெள்ளியன்று செயற்குழுவில் இறுதி முடிவு எடுக்கப்படும் என்றும் விளையாட்டு வட்டாரங்கள் தெரிவித்தன.

ரஷ்யா எடுக்கவிருக்கும் முடிவை ஐரோப்பிய கால்பந்து கூட்டமைப்பு கண்காணித்து வருவதாகவும், ரஷ்யா தனது நிலைப்பாட்டை தெளிவுபடுத்தும் வரை காத்திருப்பதாகவும் வட்டாரங்கள் தெரிவித்தன. UEFA இன் 55 முழு உறுப்பினர் சங்கங்களில் ரஷ்யாவும் ஒன்றாகும், மேலும் உக்ரைன் மீதான அதன் படையெடுப்பின் விளைவாக தடை செய்யப்பட்டது. இதற்கு முன் எந்த நாடும் யுஇஎஃப்ஏவில் இருந்து ராஜினாமா செய்யவில்லை, ரஷ்யாவின் இந்த முடிவு குறித்து சர்வதேச அளவில் தீவிர பேச்சு எழுந்துள்ளது.