Japura again won the inter-university sports tournament

January 10, 2023
Japura again won the inter-university sports tournament

Sri Jayawardenepura University managed to win the overall inter-university sports tournament held for the year 2022.

This tournament, which was held under 22 different sports events, was held for more than 3 months, with various universities across the country as the foundation. This tournament was very exciting and Sri Jayawardenepura University was able to win the overall victory in this tournament which ended yesterday.

The University of Sri Jayawardenepura claimed the overall victory by scoring 356.5 points, while the runner-up went to the University of Colombo by scoring 340 points. Third place went to Sabaragamu University with 320 marks.

The University of Sri Jayawardenepura won the women’s section of the tournament, while the men’s section was won by the University of Colombo.

Jayawardenepura players managed to set many new records in this tournament. Thineth Jayasuriya, the captain of the weightlifting team, was able to set a new tournament record under the 109KG category in the weightlifting category. There, he managed to lift a total weight of 200 kg 80 kg under the snatch method and 120 kg under the clean and jerk method, and this went down in history as a new competition record. Japura athletes also managed to set new records in sports such as athletics and swimming.

අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ ජය නැවතත් ජපුරට

2022 වර්ශයට අදාලව පැවැත්වූ අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත් විය.

විවිධ ක්‍රීඩා ඉසව් 22 යටතේ පැවති මෙම තරගාවලිය මස 3කට අධික කාලයක් පුරාවට රට පුරා විවිධ විශ්ව විද්‍යාලය මූලික කර ගනිමින් පැවැත්විය. මෙම තරගාවලිය ඉතා උද්වේගකර මුහුණුවරක් ගත් අතර ඉකුත් දා නිමාව දුටු මෙම තරගාවලියේ සමස්ථ ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට හැකියාව ලැනුණි.

ලකුණු 356.5 ලබා ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමස්ථ ජයග්‍රහණයට හිමිකම් කී අතර අනුශූරතාවය ලකුණු 340ක් ලබා ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයට හිමි විය. තෙවන ස්ථානය ලකුණු 320ක් ලබා ගනිමින් සබරගමු විශ්ව විද්‍යාලයට හිමි විය.

තරගාවලියේ කාන්තා අංශයේ සමස්ථ ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත් වූ අතර, පිරිමි අංශයේ සමස්ථ ශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලයට හිමි විය.

මෙම තරගාවලියේ නව තරග වාර්ථා රැසක් පිහිටුවීමට ජයවර්ධනපුර ක්‍රීඩකයෝ සමත් වූහ. බර ඉසිලීමේ තරග අංශයෙන් 109KG වැඩි තරග කාණ්ඩය යටතේ නව තරගාවලි වාර්ථාවක් පිහිටුවීමට බර ඉසිලීමේ කණ්ඩායමේ නායක තිනෙත් ජයසූරියට හැකියාව ලැබුණි. එහිදී ඔහු ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 80ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 120ක් ලෙස කිලෝග්‍රෑම් 200ක සමස්ත බර ප්‍රමාණයක් ඉසිලීමට සමත් වූ අතර මෙය නව තරග වාර්ථාවක් ලෙස ඉතිහාස ගත විය. එමෙන්ම මලල ක්‍රීඩා හා පිහුණුම් ආදී ක්‍රීඩා අංශ වලින් ද ජපුර ක්‍රීඩකයින් නව තරග වාර්ථා පිහිටුවීමට සමත් විය.

பல்கலைக்கழகங்களுக்கு இடையிலான விளையாட்டுப் போட்டியில் ஜபுரா மீண்டும் வெற்றி

2022 ஆம் ஆண்டுக்கான பல்கலைக்கழகங்களுக்கு இடையிலான விளையாட்டுப் போட்டியில் ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகம் ஒட்டுமொத்த வெற்றியைப் பெற முடிந்தது.

22 வெவ்வேறு விளையாட்டு நிகழ்வுகளின் கீழ் நடைபெற்ற இந்தப் போட்டியானது, நாடு முழுவதும் உள்ள பல்வேறு பல்கலைக்கழகங்களை அடித்தளமாகக் கொண்டு 3 மாதங்களுக்கும் மேலாக நடைபெற்றது. இப்போட்டி மிகவும் பரபரப்பாக அமைந்ததுடன், நேற்று முடிவடைந்த இந்த போட்டியில் ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகம் ஒட்டுமொத்த வெற்றியை தனதாக்க முடிந்தது.

ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகம் 356.5 புள்ளிகளைப் பெற்று ஒட்டுமொத்த வெற்றியையும், இரண்டாம் இடத்தை 340 புள்ளிகளைப் பெற்று கொழும்பு பல்கலைக்கழகத்தையும் தட்டிச் சென்றது. சப்ரகாமு பல்கலைக்கழகம் 320 மதிப்பெண்கள் பெற்று மூன்றாமிடம் பெற்றது.

போட்டியின் பெண்கள் பிரிவில் ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகமும், ஆண்கள் பிரிவில் கொழும்பு பல்கலைக்கழகமும் வெற்றி பெற்றன.

இந்த போட்டியில் ஜயவர்தனபுர வீரர்கள் பல புதிய சாதனைகளை படைக்க முடிந்தது. பளுதூக்குதல் பிரிவில் 109KG பிரிவின் கீழ் பளுதூக்குதல் அணியின் தலைவர் தினெத் ஜயசூரிய புதிய போட்டி சாதனையை நிலைநாட்ட முடிந்தது. அங்கு ஸ்னாட்ச் முறையில் 80 கிலோவும், கிளீன் அண்ட் ஜெர்க் முறையில் 120 கிலோவும் என மொத்தம் 200 கிலோ எடையை தூக்கி, புதிய போட்டி சாதனையாக வரலாற்றில் இடம்பிடித்தார். தடகளம் மற்றும் நீச்சல் போன்ற விளையாட்டுகளிலும் ஜபுரா விளையாட்டு வீரர்கள் புதிய சாதனைகளை படைக்க முடிந்தது.